අජිත්ලාල් ශාන්තඋදය
කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බලප්‍රදේශ කිහිපයකින් උණ,වමනය සහ පාචනය සහිත රෝගීන් වාර්තා වෙමින් පවතින බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අගවති.
පානීය ජලමුලාශ්‍ර අපවිත්‍රවී වෛරස් ආසාධනයක් නිසා එරත්න, ලස්සකන්ද, බටතොට ,කීරගල, කුරුවිට, තෙප්පනාව යන ප්‍රදේශ ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ. ප්‍රජා ජල යෝජනා ක්‍රම සහ පුද්ගලිකව නළ මගින් ජලය ලබාගන්නා ජල මුලාශවලට මිනිස් සහ සතුන්ගේ මළද්‍රව්‍ය එකතුවීමෙන් ද ජලය අපවිත්‍ර විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ. කුඩා නගර සහ ප්‍රජා ජල යෝජනාක්‍රම වලින් නිවෙසේවලට එන නළ ජලය ප්‍රමිතිගතව පිරිසිදු කිරිමක් සිදුනොවන බවද ඔවුහු පෙන්වා දෙති.
රෝගීන් වාර්තාවු ප්‍රදේශවල ජල සාම්පල් පරීක්ෂා කිරීමට වෛද්‍ය පර්යේෂණායතනයට යවා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ.
හැම විටම ජලය උණුකර නිවා පානය කිරිම, සියලුම ජල මුලාශ්‍ර පිරිසිදු කිරිම සහ ජලය ගෙනයන නළ මාර්ග, ජලටැංකි පිරිසිදු කිරීම, පානීය ජලය ලබාගන්නා අනාරක්ෂිත ළිං වලට පිටතින් ජලය ගලා එන මාර්ග අවහිර කිරීම, සැකසූ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා සහිතව තබා ගැනීම හා ආරක්ෂිත ස්ථාන වලින් පමණක් ආහාර මිළදී ගැනීම, රෝග ලක්ෂණ සහිත අය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම හා දියර වැඩිපුර පානය කිරීම, රෝගියාට උපස්ථාන කරන අය සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගැනීම තුලින් රෝගයෙන් ආරක්ෂා විය හැකි ය.
කුරුවිට අවට බොහෝ පාසල්වලට පානීය ජලය ලබාගන්නේ ප්‍රඡා ජල යෝජනා ක්‍රම සහ කුඩානගර ජල යෝජනා ක්‍රම වලිනි. එම නිසා දරුවන්ට පාසලේ කාලයේදී පානය කිරිමට උණුකර නිවන ලද ජලබෝතලයක් යැවීමට කටයුතු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටිති.
වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගය ලබාගෙන තමන් පානිය ජලය ලබාගන්නා ජල මුලාශ්‍ර ක්ලෝරීනීකරණය කරගන්නා ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනයාගෙන් ඉල්ලා සිටිති.

