ප්‍රදේශ කිහිපයකට තද වැසි

 

චම්පිකා මුතුකුඩ

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.

 

බස්නාහිර, සබරගමුව මධ්‍යම දකුණු, ඌව සහ උතුරු මැද පළාත් වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසී ඇති විය හැක.

 

සබරගමුව, මධ්‍යම ,ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ කිරීමේදී සූර්යයා අප්‍රේල් මස ප05 වෙනි දින සිට 14 වෙනි දින දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්‍ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී අද දින දහවල් දොළහයි දොළහට කොළඹ අවිස්සාවේල්ල තලවකැලේ, දිඹුල ,ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනුඇත.

 

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *