චම්පිකා මුතුකුඩ
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ළඟ තිබූ කොකේන්වල වටිනාකම රුපියල් 65,760,000 කි.එය ප්‍රමාණයෙන් කිලෝග්‍රෑම් 1. ග්‍රෑම් 644 කි. පොලිතින් අසුරුම් තුළ බහා මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබිණි..
සැකකාරිය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සූපවේදිනියක් බව කියැවේ.ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක මෙම මත් ද්‍රව්‍ය ගබඩා කර තිබුණි..පොලිතින් ඇසුරුම් තුළ ඔතා, මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 සඟවා ගෙන තිබු බව සඳහන් වේ.
ඇය මීට පෙර තුන්වරක් මෙරටට පැමිණ ඇති බවද අනාවරණය වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සඳහා සූදානම්න් සිටි මෙරට අයිතිකරුද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත., ඒ සැකකාරිය විසින් කරන ලද පාපොච්චාරණයක් පාදක කර ගනිමිනි. අද ප.ව.1.30 ට පමණ ඇයට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර තිබූ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැඳී සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංච් 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
සැකකරුවන් දෙදෙනා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
