මුව අගුළු ලා හිඳිමු…

චම්පිකා මුතුකුඩ

රිදුම් දෙන කටු කොහොල්  දෝතින්ම ඉවතලා

සවන් පාරන තෙපුල් සිනාසී පසෙක ලා

ලවන් තෙමු කඳුළු වැල් දෙතොලගින් පිස දමා

ඔබ මගේ ජීවිතේ  සොඳුරු උයනක් කළා…….

යා යුතුවු මග නොදැන සරණ විට  දිවි මගේ

දෝත ගෙන ළඟම හිඳ  දුන්නු සවි බල අගේ

කෙදින හෝ පියවෙනා තුරාවට නෙතු මගේ

හැකිවේද ලබන්නට සෙනෙහසක් ඔබ වගේ……

ගිනි ගැනෙන සිතුම් වැල් පපු තුරුළෙ නිවන්නම්

බිඳීගිය පෙර දවස සිහිනෙකැයි සිතන්නම්

එක්ව බිඳ යදම් බැමි  නව ලොවක් තනන්නම්

හසරැල්ල ඔබ මගේ  සදා ළඟ රැඳෙන්නම්…..

කුමුදු කොඳ පිපෙන දිවි විලේ පියුමන් පිපී

දිනෙක පවසයි පෙමක සුව සුළං හා හැපී

එන තුරා  නුඹෙම වන සිහිනයේ  හිරු නැගී

මුව අගුළු ලා හිඳිමු නාඳුනන සේ අපී……

Leave a Comment

Your email address will not be published. Required fields are marked *