ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සිරිමා බෝ සමිඳු අභියසදී

කිත්සිරි  වනසිංහ – අනුරාධපුර 

පනස් අට(58)වන වරටත්  පවත්වන ලද ජාතික අලුත් සහල් මංගල්‍යය  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දී   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (04) පෙරවරුවේ  සිදු කෙරිණි .

අටමස්ථානාධිපති  අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්  වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට ගොව් ජනතාව නෙලාගත් අස්වැන්නෙහි අග්‍ර කොටස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බහාලිම සිදු කළේය .

ජාතික   අලුත් සහල් මංග්‍යය සඳහා දිස්ත්‍රික් 25 පහෙන් ම අලුත් සහල් එක් රැස් කිරිම සිදු කරයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත් වීම යටතේ ලංකාව තුළ සිදු කරන පෞරාණික චාරිත්‍රයක් ලෙසින් අලුත් සාල් මංගල්‍යය සිදුකරනු ලබයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *