ඇහැලියගොඩ රංජන් මඩගම්මන ,
කර්තෘ රංජනී සෝමචන්ද්‍ර ගේ කුලුදුල් නවකතාව ජනගත කිරීම 2025.04.07 දින
ප ව.1.00ට දැරණියගල ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදි …..
දෙදහස් විස්ස වසරේ ලොවපුරා පැතිරී ගිය කොවිඩ් වසංගතය ලෝකයාට කියාදුන්නේ අපූර්වතම පාඩමකි.. සමස්ත ප්‍රජාවගේම ජීවිත වලට අනාගතය සිහිනයක් දැයි කොවිඩ් අනතුරු හැග වූ බව නොරහසකි.
අධ්‍යාපන ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට ලක්වීමට ඒ තරම් කාලයක් ගත නොවිණි.ආත්මාර්ථකාමිත්වය පෙරටු කරගෙන සිය අවශ්‍යතා වෙනුවෙන් පමණක් සටන් කිරීමට ඇතැමුන් පෙළඹී සිටියේය.
දරිද්‍රතාවයට මං පෑදූ කොරෝනා වසංගතය සමාජය තුළින්ම මතු වී ඇතැයි ඇතැමුන් ගේ මතය විය.
නානාවිධ නීතිමය රාමුන් ඔස්සේ සෞඛ්‍ය නීති රීති වලට මුල්තැන දෙමින් කටයුතු කළයුතු ආකාරය පිලිබඳව පෙන්වා දී තිබුණත් ඇතැමුන් එය පිච්චියකට මායිම් කළේ නැති වගට සාක්ෂි රැසක් ඉතිරිව පැවතිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2020 .01 .27 වන දින පළමු කොවිඩ් රෝගියා ලංකාවෙදි මුණ ගැසුණි.එවිට ජනතාව බියෙන් ඇළලි ගියහ..
මෙම කාල වකවානුව තුළ නිතර නිතර මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ තතු ඔස්සේ කතුවරියගේ සිතෙහි අරක්ගත් සිතුවිලි ” අමාලි නොදුටු සාපය” නමැති නවකතාවට පාදක කරගෙන ඇත.
මුදලට යටවූ සමාජයක දරිද්‍රතාවය හමුවේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට අමාලි ට සිදුවේ.
අමාලි කාලයක් ඇගලුම් ක්ෂේත්රයේ සේවය කල අතර ඈ ටියුෂන් ගුරුවරියක වශයෙන්ද කටයුතු කළාය.
අමාලි ගේ සැමියා ගේ රැකියාව අහිමි වීමත් සමඟම ඔහු විදේශ රටකට රැකියාවට යැවීමට රංජි සහ නිමල් යන අයගෙන් ණය ගත් මුදලකට වන්දි ගෙවීමේ අතුරු ඵලයක් හැටියට ලැබෙන දරුවාට උප්පැන්නය දීමටවත් කිසිවෙකු නොසිටියේය.
යන එන මං නැතිව සිටින අමාලිගේ දිවියට යම් සහනයක් ලැබුණේ උපදේශන නිලධාරිණියක වන නදී ගුණසේකර ගෙනි.
අමාලිගේව් සල්ලාල ජීවිතය නිසා රංජි සහ නිමල් දිවියෙන් සමු ගන්නේ අකාලයේය.රංජිගේ බිරිඳ වන සුජී සිය දරුවා සමග තනිවන්නේ අමාලි නිසාය.
උපදේශන නිලධාරිණියගේ ස්වාමියා වන නිමල් සදාකාලික මානසික රෝගියෙකු වශයෙන් දිවියට සමුදෙන්නේද අමාලි නිසාය.රංජි සහ සුජීගෙ පවුල දෙදරා යන්නේද අමාලි නිසාය.
මේ කිසිවක් නොදන්නා අමාලි සිය දරුවා මිහිමතට දායාද කරදී සදහටම නෙත් පියා ගත්තද ඈ වටා ගෙතී තිබූ සාපය අමාලි නොදුටුවාය.
මනුෂ්‍යත්වය දායාද කරන නදී උපදේශන නිලධාරිණියක වශයෙන් කරන මානුෂිය මෙහෙයුමට උපහාරයක් ලෙස මෙම නවකතාව ලියැ වී ඇත.
අමාලි නොදුටු සාපය ඔබේ ඇසින් දැකීමට නම් “අමාලි නොදුටු සාපය” නම් නවකතාව ඔබ කියවිය යුතුම යි.
එය සත්‍යය සිද්ධීන් කැටිකොට ලියූ, ආදරණියයන් හමුවන, සල්ලාල ජීවිත වැනසී ගිය අපූරුව කියාපාන අග්‍රගණ්‍ය නවකතාව ක් ලෙස හදුන්වා දිය හැකිය.
එම නවකතාව ජනගත කිරීම 2025.04.07 දින ප.ව 1.00 ට දැරණියගල ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදි සිදුකිරීමට නියමිතයි.
