මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර 

ලක්මිණි නදීෂා 

 මියන්මාරයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු-අස්ගිරි විහාරස්ථාන රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර පරිත්‍යාග කර ඇත.

ඒ අස්ගිරි පාර්’ශවයේ මහනායක හිමිවරු, කමිටු සාමාජිකයින් සහ මහා සංඝරත්නය සමඟ පූජනීය දළදා වහන්සේ අසලට රැස්වී පිරිත් සජ්ඣායනා කර ආශිර්’වාද කළහ.

මෙම උත්සවය පවත්වන ලද්දේ ව්‍යසනයෙන් අහිමි වූ ජීවිතවලට ගෞරව කිරීම සහ මියන්මාරයේ ජනතාවගේ යහපැවැත්ම සහ සුවය සඳහා යාඥා කිරීම සඳහා ය.

“ශ්‍රී ලංකාව මියන්මාරය සමඟ දිගුකාලීන හා සමීප සම්බන්ධතාවයක් බෙදා ගනී, එය ගැඹුරින් මුල් බැසගත් ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායක් ඇති ජාතියකි. මෙම බැඳීම නැවත තහවුරු කිරීමක් ලෙස, ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු-අස්ගිරි විහාරස්ථාන මියන්මාරයේ මෑත කාලීන ස්වාභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට ආධාර කිරීම සඳහා රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර පරිත්‍යාග කර ඇත,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම පරිත්‍යාගය අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවනීය දියවඩන නිලමේතුමා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *