ආයුර්වේදයෙන් වංචා කළ මුදල් බිරිඳගේත් නැගණියගේත් ගිණුම්වල.

යසංග මහවිතාන

මුදල්  වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ  සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක්, ඔහුගේ බිරිඳ සහ බාල සහෝදරිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ  සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ බිරිය (32) සහ බාල සහෝදරිය (25) මෙසේ අත්අඩංගුවට පත් වී ඇත.ප්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් කළ විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ  ගිණුම් සහකාර කළමණාකරු විසින් ව්‍යාජ ලෙස වව්චර් භාවිත කරමින්  එම කෝටි තුනකට ආසන්න මුදල වංචා කර ඇති  බවට චෝදනා ඉදිරිපත් වී ඇත.එසේ ලබාගන්නා ලද  මුදල් බිරියගේ සහ බාල සහෝදරියගේ ගිණුම් වලට බැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ නියෝග පරිදි තවදුරටත් විමර්ශන  කටයුතුි ක්‍රියාත්මක කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *