සෙවනැල්ල අතුරුදහන් වන දවස්

නික්කි රණසිංහ

කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවලට එක එල්ලේම සූර්යයා මුදුන් වන බැවින් 2025 වසරේ අප්‍රේල් මස 07 වන දින 12.12 ට සුළු මොහොතකට ඔබේ සෙවණැලි අතුරුදහන් වීමට හැකියාව ඇති බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් එම මහතා පවසුවේ මෙම දෘෂ්ටි මායාව ඇති වන්නේ අප්‍රේල් පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට සූර්යයා මුදුන් වන බව සහ එය සිදුවන්නේ අප්‍රේල් 05 සිට 15 දක්වා බවයි. 

මේ දිනවල දහවල් 12.12ට කවුරුන් හෝ පිටතට විත් සිටියහොත් එම කෙනාගේ සෙවණැල්ල අතුරුදන් වී යන නමුත් වෙනත් අයෙකුට එම සෙවණැල්ල දැක ගත හැකියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *