කිත්සිරි වනසිංහ අනුරාධපුර
දැනට ගුරු වෘත්තියට අදාළ රාජකාරීයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය අද (02)උදෑසන අනුරාධපුර නගරයේ විරෝධතාවක නිරත විය.
අසනීප නිවාඩු වාර්තා කොට මෙම පිරිස අද දිනයේ සංකේත වැඩ වර්ජනයක ද නිරත වූහ.. උතුරු මැද පළාතේ පාසල් වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්රියාවලියේ නිරත සමස්ත සංවර්ධන නිලධාරීන් මෙසේ ඉල්ලා සිටියේ ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙසය.
රජය තම තනතුරු හා පත්වීම් හරහා පාසල් පද්ධති තුළ කාර්යයන් ඉටුකර ගත්තද තම සේවා ව පිළිබඳව කිසිදු තැකීමක් නැති බවත් ඒ හෙයින් තමන්ට අරගලයකින් තොර විසඳුමක් නොමැති බවත් එම සංගමයේ ලේකම් දර්ශන රත්නායක මහතා සඳහන් කරයි.

