නිපුණ නිර්මාල්
මෑත දිනක සිට දෙහිවල,ගල්කිස්ස,රත්මලාන හා වැල්ලවත්ත යන මුහුදු ප්‍රදේශවල මේ දිනවල.කිඹුලන් සැරිසන බවට ධීවරයෝ පවසති.
2025/03/25 දින බෙල්ලන්විල අත්දෙනිය වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් හා ධීවරයින් කිහිප දෙනෙකු එක්ව අඩි 16ක් එනම් වැඩුනු මිනිසුන් දෙදෙනෙකුගේ උසට වඩා දිගකින් යුතු කිඹුලෙකු අල්ලාගෙන ඇත. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ තවත් කිඹුලෙකු අවට සැරිසරන බවයි.
මෙම දෙහිවල,ගල්කිස්ස,රත්මලාන හා වැල්ලවත්ත යන මුහුදු ප්‍රදේශ දෙස් විදෙස් සංචාරකයන් බෙහෙවින් ගැවසෙන ප්‍රදේශයකි.නමුත් මේ එල්ල වී තිබෙන කිඹුල් තර්ජනය හමුවේ ඒ අවට ගැවසීම දැඩි අවදානම් තත්ත්වයකි.එම අවදානම වැඩිපුරම බලපා ඇත්තේ ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවටය. තවදුරටත් සිය ජීවිකාව කර ගත නොහැකි තත්ත්වයක් ඔවුන්ට උද්ගත වී ඇත.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112-449754 යන දුරකථන අංකය හා ජීවිත ආරක්ෂණ සංගමයේ 0112-834443 යන දුරකථන අංක සඳහා දිගින් දිගටම ඇමතුම් ලබාගත්තද ඔවුන්ගෙන් කිසිවෙකු හා සම්බන්ධවීමට නොහැකි විය.

Show quoted text