කීරගල ඇලේ ජල පෝෂක රැකීමට ළමයි කුඹුක් පැල සිටුවති.

කීරගල ඇලේ ජල පෝෂක රකින්න ළමයි කුඹුක් පැල සිටුවති

 

 

 

අජිත්ලාල් ශාන්තඋදය

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කීරගල වසමෙන් ගලා එන කීරගල ඇලේ ජල පෝෂක ප්‍රදේශයේ කුඹුක් පැල සිටුවීමේ වැඩසටහනක් 31දා සිදුවිය.

සිංහල සහ දෙමළ දරුවන්ගෙන් සැදුම්ලත් කීරගල දිලෙනතරු ළමා සමාජයේ දරුදැරියෝ මෙම සත්කාර්යය කළහ. වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිණී දුසානි මොදිතා මහත්මිය පැවසුවේ කුඹුක් පැල හැටක් සිටවු බවයි. කුරුවිට හයිඩ්‍රාමණි ආයතනය පැල ලබාදුන් බව ද ඇය කීවා ය.

කීරගල ඇලේ ජල පෝෂක ප්‍රදේශය වානිජ වගාවන් සදහා ඇල ආසන්නයටම එළි පෙහෙළි කර තිබේ. ඒනිසා ජල උල්පත් සිදී ගොසිනි. සතියක් වැනි කාලයක් නොවැස්සොත් කීරගල ඇලේ ජල මට්ටම අඩුවෙයි. ඒ නිසා  කීරගලඇල දෙපස, රත්මල් ඇල්ල ජලපෝෂක ප්‍රදේශයේ මෙම කුඹුක් පැල සිටුවනු ලැබීය.

“මේ පැල සිටුවනු ලැබුවේ ගමේම ළමයි. ඒ නිසා ඒ පැල ආරක්ෂා කිරිම , නඩත්තුව ඒ දිලෙනතරු ළමා සමාජයේ දරුවන් විසින් සිදුකරනවා. දරුවන් ලොකු මහත් වෙන කොට මේ කුඹුක් පැලත් ලොකු මහත් වේවි. ඒක ජල මුලාශ්‍ර ආරක්ෂාවට හේතුවක් වේව්” වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිණි දුෂානි මොදිතා මහත්මිය කීවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *