දළදා හිමි වැඩ විසූ දෙල්ගමු විහාරයේ වැඩ සිටි නාහිමි තෙමස් පූර්ණ පින්කම

 

අජිත්ලාල් ශාන්තඋදය

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, කුරුවිටි කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මාහල්ලේ විපුලතිස්ස හිමියන්ගේ තෙමස් පුර්ණ පිංකමේ සාංඝික දානමය අවස්ථාව 31දා විහාරස්ථ ධර්ම ශාලාවේ දි පැවැත්විණි.

ශ්‍රීමත් දළදා වහන්සේ සීතාවක රජ සමයේ ක්‍රි:ව 1541- 1584 දක්වා අවුරුදු 43ක් යෝධ කුරුහන් ගල් කරඩුවක සගවා ආරක්ෂා කරන ලද්දේ දෙල්ගමු විහාරයේ ය. ඒ කුරහන්ගල් කරඩුව අදටත් පවතී.

විහාරාධිපතිව වැඩවිසු අපවත්වී වදාළ විපුලතිස්ස නාහිමියන් ග්‍රන්ථ කර්තෘවරයෙකි. ජාති මාමක තෙරනමකි. විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. පරිවේනාධිපති හිමිනමකි. ප්‍රදේශයේ විසු දැනඋගත් මහතෙර නමකි.

උන්හවහන්සේගේ තෙමස් ගුණ සමරා පසුගිය 28,29 සහ 30වන දිනවල සවස විචිත්‍ර දේශකයාණන් වහන්සේලා වැඩමවා ධර්ම දේශනාමය පිංකමක් ද පවත්වන ලදී. 31වන දින තිස්පස් නමකට සාංඝික දානයක් ද පිරිනැමිණි.

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී, සෝමාවතී රජමහා විහාරාධිපති, මහාචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේද දානමය පිංකමට වැඩම කළහ.

දානමය පිංකමට භික්ෂූන් වහන්සේලා වැඩම කරවමින්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *