සවස් කාල වල වැසි සහිත කාලගුණ තත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේබොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකරුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝරාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බවද එම වාර්තාවේ සඳහන් වේ.

මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සීයක පමණ තද වැසී ඇති විය හැකි  බවටද එම දෙපාර්තමේන්තුව අනුමාන කරයි.

 

බස්නාහිර සබරගමුව මධ්‍යම උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *