ජේතවන,රුවන්වැලි සෑ පුදබිම් කේන්ද්‍ර කළ විශේෂ රුක්රෝපණ වැඩසටහනක්

තිරප්පනේ සමන් පෙරේරා  

ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව “වනාන්තර හා ආහාර” යන තේමාව මුල්කර ගනිමින් අනුරාධපුර ජේතවන පූජා භූමිය සහ රුවන්වැලිසෑය පූජා භූමිය කේන්ද්‍ර කර විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි..

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපාර්යාස පිළිබඳ ශ්‍රී ලංකාව ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්ව  අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතාවය පෝෂණය හා ජීවනෝපාය කෙරෙහි වනාන්තර මගින් ලැබෙන දායකත්වය පිළිබඳ ජාත්‍යන්තර වනාන්තර දිනයේ තේමාව මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය, නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම රුක් ⁣රෝපණ වැඩසටහන සඳහා සංවිධාන දායකත්වය ලබාදුන් හ.

මීට සමගාමීව අවිධිමත් ලෙස පූජා භූමිය තුළ බැහැර කර  තිබු පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක් රැස්කර විධිමත් ලෙස බැහැර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පැවැත්විණී.

අනුරාධපුර ජේතවනාරාම  විහාරයේ විහාරවාසි ස්වාමින්වහන්සේ, අනුරාධපුර දිස්ත්‍රික් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරි හේමන්ත විජේරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, අනුරාධපුර මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘති කළමනාකරු ආනන්ද ජයවර්ධන මහතාගේ උපදෙස් මත සහභාගී වූ නිලධාරින්, වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරි විජේදාස මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් මෙම අවස්ථා සඳහා සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *