තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

රංජන් මඩගම්මන- 

පළාත් පාලන මැතිවරණ යට අදාළ තැපැල්  ඡන්ද දැන්වීම් පත්‍රිකාවල  මුද්‍රණ කටයුතු මේ වන විටත් අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් පහ (5)වන  විට මැතිවරණ කොමිෂම වෙත භාරදීමට නියමිතය.  

    රජයේ  මුද්‍රණලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඒ බව පැවසීය.අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකාවල මුද්‍රණ   කටයුතු මේ වන විට සිදුකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු මේ වන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බවද පුෂ්ප කුමාර මහතා සදහන් කරයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *