පූජ්‍ය හුරී ගස් වැවේ චන්දරතන හිමියන් ද්විතීයික ක සංඝනායක ධුරයට පත් වෙති

 

 මොහොමඩ් ආසික්

මහනුවර කටුගස්තොට රණවණ ශ්‍රී බෝධිමළු විහාරාධිපති,  අලවතුගොඩ දෙල්ගස්ගොඩ ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ පරිවෙනාධිපති, ශාස්ත්‍රපති  පූජ්‍ය හුරීගස්වැවේ චන්දරතන හිමියන් වෙත ශ්‍යාමෝපාලි මහ නිකාය  මගින් ප්‍රදානය කරන ලද ධර්මකීර්ති ශ්‍රී පුඤ්ඤානන්ද යන ගෞරව නාමය  සහිත හාරිස්පත්තුවේ ද්විතීයික සංඝනායක ධූරයේ  අක්තපත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝතසවය පසුගිය 30 වනදා සවස රණවන ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේදී පැවැත්විණ‍.

අක්තපත්‍රය අභිනව  සංඝනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය හුරීගස්වැවේ චන්දරතන හිමියන් වෙත අක්තපත්‍රය ප්‍රදානය කිරීම   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු වූ  අතර විජිනිපත පිළිගැන්වීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් සිදු විය.

ශ්‍යමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්විණ‍.මෙම පුණ්‍යෝත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *