ඓතිහාසික බටතොට පුරාණ ලෙන් විහාරය හෙවත් දිවා ගුහාව.

 කුරුවිට වර්ෂා අමරජිත් 

එය වූ කලී ස්භාවධර්මයේ අති කාන්තිමත් පරිශ්‍රයකි.කුරුගං ලලනිගේ අති ශෝභමාන වූ මෙම ගම්පියසෙහි බටතොට පුරාණ ලෙන් විහාරය පිහිටා ඇත්තේය.මෙහි සුවිශේෂී හේතුවක් තිබේ.එහි කථාංගය මෙසේය.                               

       කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඕනෑම කෙනෙකුහට පිවිසිය හැක.කුරුවිටින් එරත්න මාර්ගයේ සැතපුම් 5 ක් පමණ පැමිණෙන විට බටතොට මංසන්දියේ සිට සැතපුමක් පමණ ඇතුලත පිවිසි කල මෙම පරිශ්‍රය හමුවේ.       

      ඉතිහාසයේ ඈතට දිවෙන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ නව වන වර්ෂයේදී ලක්දිව සිව්වන වරට සුමන සමන් දෙව් ආරාධනයෙන් සමනළ කදු මත වාම ශ්‍රී පාද සටහන් තබා ආපසු වඩිනා ගමනේ දිවා විහරණය කළ ලෙන දිවා ගුහාව නම් විය.                  

    ” දිවාගුහාව” යනුවෙන් අදටත් නිශ්චිතව සොයාගෙන නොමැති ,එහෙත් මතවාද වලට තුඩු දුන් ස්ථාන ත්‍රිත්වයක් පවතී.                  

     හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් කරුණා කරන විට හමුවන භගවා ලෙන නමින් තිබෙන ගුහාව නිස්සංක මල්ල රජුගේ  රුවක් ද සෙල් ලිපියක්ද අරාබි බසින් ලියැවුණු සෙල්ලිපියක් ද ඓතිහාසික වටිනාකමින් යුක්ත වන සාක්ෂියෙන් ද මෙහි දිවා ගුහාව වශයෙන් අනුමාන කර ඇති බව සපරගමුවේ පැරණි ඓතිහාසික ස්ථාන ගවේෂණය කල කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන් වහන්සේ ගේ ” සපරගමුවේ පැරණි ලිපි” කෘතියෙහි සදහන් බවත් භගවා ලෙන ගැන විස්තරයක් කොට බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ දිවාගුහාව යැයි අනුමාන කොට තිබෙන බවත් සදහන් වේ.                         

    තවද දිවාගුහාව ඇත්තේ පැරණි ව්‍යවහාරික “කුරහගල” නමින් ඇති වර්ථමානයේ කූරගල යන ස්ථානයේ ( අද වන විට කූරගල විහාරස්ථානය ද වෙයි.) “කූරගල දිවාගුහාව”.කෘතියේ ද දිවාගුහාව එහි ඇති බවට කියැවේ.                     

     කෙසේ නමුදු 1995 වර්ෂයේ අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමින් වහන්සේ බටතොට ලෙන් විහාරය දිවාගුහාව බවට අනුමාන කොට තිබේ.         

      මෙහි සුවිශේෂී කතන්දරයක් ද තිබේ. එමෙන්ම එවක පොලොන්නරුව, මහනුවර, ගම්පොල රාජ්‍ය යුග ත්‍රිත්වයකට අයත් නටඹුන් මෙම ලෙන් පරිශ්‍රයෙන් සොයාගෙන තිබේ.

  මෙය  වසර තිස් දාහක් පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයකට අයත් බව පුරා විද්‍යා ගවේෂණ වලින් තහවුරු කර ඇති බව අනාවරණය වේ.                

    නිස්සංක මල්ල රජු විසින් මෙහි විහාර කරවා පොළොන්නරුවේ සිටි ඇමතිවරයෙකු   ඔහුගේ පිරිස සමඟ එම ප්‍රදේශයේ නවතා මෙම විහාරය භාර කළ බව සඳහන් ය. මෙහිදී අනෙක් පිරිවමෙහිදීත් උරණ වූ අමාත්‍යවරයා ,ඇති වූ ප්‍රශ්නයක් දුර යෑමෙන් සුරූපී රත්නවල්ලී කුමරිය වදහිංසා පමුණුවා මරා දැමීමෙන් ඇය කණ්ඨමාරී නම් යක්ෂණියකව ඉපිද මෙම ලෙන තුළ වාසය කළ බව ජනප්‍රවාදයේ කියැවෙයි.ඉන්පසු බල පෑ අද්භූත හේතූන් නිසා වසර 700 ක් මෙම පූජනීය ස්ථානය ජනශූන්‍ය ව කාලයාගේ ඇවෑමෙන් 1908 වර්ෂයේ සුභූති තිස්ස නම් හිමිනමක් මෙහි විහාර කර්ම කරමින් වැඩවාසය කළ බව සඳහන් වේ.

   අදටත් පවතින රියන් 21 ක බුදු    පිළිමය ද විෂ්ණු දේවාලයද නුවර යුගයට අයත් ඇතළත බිත්තියේ බිතු සිතුවම් ද මෙහි ඇති පුරාවස්තු ය.උන් වහන්සේගේ අපවත් වීමෙන් පසු යළිත් මෙම ස්ථානය ජන ශූන්‍ය වූ බව කියැවේ.     

     1995 වර්ෂයේ අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමින් වහන්සේ මෙහි යළිත් විහාර කර්ම කරවූහ. එම අවස්ථාවේ දී මෙම කණ්ඨමාරී යක්ෂණිය ගේ අත්භූත බලපෑම් ඇතිව තිබේ.මහා සංඝරත්නයට දානයක් දී පිං අනුමෝදන් කර ඇගේ යක්ෂ ආත්මයෙන් ඇය මුදවා කිරිපලු නුග ගස ක් සිටුවා ඇයට භාර කළ බවද කියැවේ.මෙහි තනවා ඇති මානස විලෙහි අඹා ඇති විශාල ගෙඹි රුව ද විහාර කර්ම කරවන අවස්ථාවේ ගෙම්බන් ගෙන් ද වූ අද්භූත කරදර නිසා කරදර නැති ව විහාර කර්ම කිරීමට සිද්ධ කළ භාරයේ භාරහාර ඔප්පු කිරීමකැයි යැයි ජනප්‍රවාදයේ සදහන් වේ. .             

     තවද ලෙන් පරිශ්‍රය තුලට හොදින් හිරු එළිය ගලා ඒමත් ශ්‍රී පාදස්ථානය හොදින් දිස්වන ආකාරයත් දිවාගුහාව නමින් නම් කරන්නට හේතුවක් වන්නට ඇතැයි කියැවේ. වර්ථමානය වන විට පන්සිය පනස් ජාතකයෙහි ජාතක කථා ඇසුරින් මනස් කාන්ත ලෙස රූප ඉදිකර ඇත්තේ පරිසරයට ද කිසිදු හානියක් නොවන ආකාරයෙන් ය.                   

             බටතොට පුරාණ ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ දස දෙසින් දිවාගුහාව නමින් වන්දනාමානයට පාත්‍ර වූ පූජනීය සිද්ධස්ථානයකි.    

     මෙහි පැමිණ ,වන්දනා කොට,පා සටහන් පමණක් තබා පින් සිතෙන් බැහැරව යන්නේ නම් ඔබද එම පරිසර පද්ධතියට ආදරය කරන්නෙකු බව සිතා ඔබටම නිහතමානීව සතුටු විය හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *