රංජන් මඩගම්මන-
පළාත් පාලන මැතිවරණයට අදාළව ගත වූ දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි හතක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධව පැමිණිලි 6ක්,සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ඒ අතර වේ.නිකවැරටිය,මීගලෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.එම සිද්ධියට අමතරව මාතලේ ,කළුතර ,ගල්කිස්ස, සහ මොනරාගල ප්‍රදේශවලින්ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සම්බන්ධව පැමිණිලි හයක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
මැතිවරණ පැමිණිලි එකසිය අසූවක් (180) පසුගිය 20- 28 කාලය තුළ ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක්ද,මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි එකසිය හැත්තෑ නවයක් ද (179) ද,මැතිවරණ කොමිෂන් සභාවට ලැබේ ඇති බව වාර්තාවේ. ලැබී ඇති පැමිණිලි එකසිය අසූව( 180) අතුරින් පැමිණිලි එකසිය තිස්තුනක් මේ වන විටත් විසඳා ඇති බවත් ,තවත් පැමිණිලි හතලිස් හතක් (47)විසඳීමට ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.
