වවුනියාව මාධව කුලසූරිය.
යාපනය ප්රදේශයේ රිය අනතුරු දෙකකට ලක්ව යාපනය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඊයේ(30) ජිවිතක්ෂයට පත්වු බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසති.
පසුගිය 13 වැනිදා යාපනය,කයිතඩි ප්රදේශයේදී යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවු අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පාපැදියේ ගමන්ගත් 57 හැවිරිදි ජෙයරත්නම් සුසීලා නමැති කාන්තාවක් ප්රතිකාර අතුරතුර ඊයේ(30) ජිවිතක්ෂයට පත්ව තිබිණ.
එලෙසම යාපනය අරසඩි වීදියේ යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලබා යාපනය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි එල්.උසේන්දිරා නැමැති කාන්තාව ඊයේ(30) ජිවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
ජිවිතක්ෂයට පත්වූවන්ගේ මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත බවද යාපනය රෝහල් පොලිසිය පැවසූහ.
අනතුරු සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය හා යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
