සංජීවනී පද්මසේන
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය නිසා වන සතුනට වන පීඩාව අවම කිරීමට යාල ජාතික වනෝද්‍යානය සෑම දිනකම පැය දෙකක් වසා තැබීමට තීරණය කරයි. මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙසින් වනෝද්‍යානය වසා තබනු ඇත.
එම කාලය තුළ පැමිණෙන සංචාරකයින් සඳහා පටනංගල විවේකාගාරය තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා දී තිබේ.

