බෙලිහුල්ඔය එස්.රත්නායක
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවති සවි එසවීමේ ශූරතාවලියේ රන් පදක්කම රන්සිළු ජයතිලක විසින් හිමිකර ගන්නා ලදී.තෙවෙනි වරටත් මෙම ශූරතාවය දිනූ කි.ග්‍රැ. 120 බර පන්තිය යටතේ රන්සිළු ජයතිලක, මෙවර එසවූ සමස්ථ බර කි.ග්‍රැ.700 කි.
ඕස්ට්‍රේලියාව , ටොංගා , සැමෝවා පතාක සවි ඔසවන්නන්ට අභියෝගයක් දෙමින් සිය ජයග්‍රහණය තුළින් ශ්‍රී ලාංකීය නම ඉහළින් තබන්නට හැකිවීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට මෙන්ම ප්‍රසාදයට පාත්‍රවී ඇත. 3500 කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් මෙම තරගාවලිය නැරඹීමට එක්වී ඇත.
