අද වැසි අපේක්ෂා කළ හැකි ප්‍රදේශ.

චම්පිකා මුතුකුඩ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන 5..30 ට නිකුත් කරන ලද ඉදිරි පැය 24 සඳකා වූ කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ   ඌව පළාත් වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ  

 

 

දකුණු පළාතේ සහ  රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ  කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන්‍ අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *