කැලිප්සෝ දුම්රිය නානුඔයට

සංජීවනී පද්මසේන

කැලිප්සෝ දුම්රියට පවතින අධික ඉල්ලීම සලකා බලා එය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

මීට පෙර මෙම දුම්රිය ධාවනය කෙරුණේ දෛනිකව බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණි. 

අප්‍රේල් 08 වනදා සිට සෑම අඟහරුවාදා දිනෙකම බදුල්ල සිට නානුඔය දක්වාම දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ.

මෙහිදී ඉතා ආකර්ශණීය දර්ශන සහිත දෙමෝදර ප්‍රදේශයේ විනාඩි 10ක් ද, ඇල්ල ආරුක්කු නවය පාලම මත විනාඩි 10ක් ද දුම්රිය නතර කරනු ලබන අතර දෙස් විදෙස් සංචාරකයින්ට එහි උපරිම සුන්දරත්වය අත්විඳීමට අවස්ථාව සලසා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *