මැතිවරණ ප්‍රචණ්ඩත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් දීප ව්‍යාප්ත සාකච්ඡා මාලාවක්

මංගලනාත් ලියනආරච්චි.  –  ත්‍රීකුණාමලය.

 

මැතිවරණ ක්‍රියාවලියට කාන්තාවන්,තරුණයන්,තරුණයන් සහ අඩු නියෝජනයක් සහිත කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම සහ මැතිවරණ සම්බන්ධ තොරතුරු වල බලපෑම පිලිබද මැතිවරණ පාර්ශව කරුවන් සමග මැතිවරණ ප්‍රචන්ඩත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින්  දීප ව්‍යාප්තව  සංවිධානය කරනු ලබන සාකච්ඡා මාලාවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සාකච්චඡාව ඉකුත්දා (28) ත්‍රීකුණාමලයේදී පැවැත්විණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්රයේ දායකත්වයයන් සිදු කෙරෙන්   මෙම වැඩ සටහන මගින් යේශපාලන බහුත්වවාදය,පුරවැසි සහභාගීත්වයේ බලපෑම සහ මැතිවරණ ක්‍රියාවලීන් පිළිබද තොරතුරු හුවමාරු කර ගැනීම එහිදී සිදුවිය.

මෙම වැඩ සටහන සදහා විවිධ්‍ දේශපාලන පක්ෂ නියයෝජිකයන්,තරුණ සහ කාන්තා ක්‍රියාකාරීන්,ආබාධිත ප්‍රජාව යමන්ම ආන්තීකරණයට ලක්වූ ජන ප්‍රජාවන්ද එක්ව සිටීම විශේෂත්වයකි.

මැතිවරණ ප්‍රචන්ඩත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඒ.එම්.එන්.වික්ටර් මහතායේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩ සටහන සදහා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ මැතිවරණ ප්‍රචන්ඩ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පිරිසක් ද එක්ව සිටියහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *