නික්කි රණසිංහ
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් තෙදින වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ මාර්තු 27, 28 සහ 29 යන දිනවල දීය.
කොළඹ මහ නගර සීමාව ඇතුළු ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් කෙරුණු මෙම වැඩසටහනෙහි තේමා පාඨය වූයේ “ මදුරුවන් තුරන් කරමු-ඩෙංගු රෝගය පරාජය කරමු” යන්නයි.

