ලාංකික YouTube කලාව අතික්‍රමණය කළ Wild Cookbook

ලක්මිණි නදීෂා 

මෙරට ඇති බොහෝ විද්‍යුත් නාලිකාවල You Tube නාලිකා වලට පවා ගැනීමට නොහැකිවූ අති විශාල දෙස් විදෙස් ග්‍රාහක ප්‍රතිචාරයක් ලබා ගනිමින් ලංකාවේ අංක එකේ යූ-ටියුබ් නාලිකාව වීමට Wild Cookbook’ට හැකි වෙයි.

ඒ එම යූ ටියුබ් නාලිකාවේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 10 පසු කිරීමට ඊයේ (28) හැකි වීමත් සමඟයි.

‘Wild Cookbook’ යූ ටියුබ් නාලිකාව මෙරට තරුණ සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාට හිමිය. 

ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය මෙරට පළමු යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය.

2020 වසරේ ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ප්‍රචාරය කර ඇත.  එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන තිබීමද විශේෂත්වයකි.

චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවයි.

මෙම සුවිශේෂී සංධිස්ථානයට පැමිණි චරිත් පවසා සිටියේ සිය ග්‍රාහකයින්ට ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *