තිරප්පනේ සමන් පෙරේරා

ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් කලාවට නව ආරම්භයක් ලබාදීම අරමුණු කොට ඉන්දියාවේ මනාලි’හි කුල්ලු ප්‍රදේශයේ පිහිටි නිකලස් රොරිච් කලාගාරයේ දී කණ්ඩායම් දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක් පසුගිය දා පැවැත්විණි.
ඉන්දියානු ජයිපූර්කලා සමුළුව විසින් සංවිධානය කරනු ලැබූ අතර එය “ෆැගුන්” ඉන්දු – ශ්‍රී ලංකා කලා ප්‍රදර්ශනය ලෙස නම් කර තිඹුණි.
කණ්ඩායම් දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් ලෙස පැවති මෙම ප්‍රදර්ශනය මෙහෙයවනු ලැබූයේ ඉන්දියානු කලාකරු අමිතා ඛාරේ (ග්වාලියර්) විසිනි. එය සම්බන්ධීකරණය රවී මිචලේ (ජයිපූර්) සහ හර්ෂිත් පරිහාර් (ග්වාලියර්) විසින් සිදු කරනු ලැබී ය.
ඉන්දු ලංකා කලා සහයෝගීතාව වර්ධනය උදෙසා ඉන්දීය මනාලිවල මෙවැනි කණ්ඩායම් කලා ප්‍රදර්ශනයක් පළමු වරට පැවැත්වීම මෙම කලා ප්‍රදර්ශනයේ විශේෂත්වය විය. මෙහිදි ලාංකීය දෘෂ්‍ය කලා ශිල්පීන්ගේ නිර්මාණ හා ඉන්දියානු දෘෂ්‍ය කලා ශිල්පීන්ගේ නිර්මාණ රැසක් ප්‍රදර්ශනයට තබා තිබූ අතර කලා නිර්මාණ පිළිබඳ ඔවුනොවුන්ගේ අත්දැකීම් බෙදාගනු ලැබී ය.
මෙම කලා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
උපුල් චමිලා බණ්ඩාර, විකුම් බණ්ඩාර, සුදර්ශි රණබාහු, තිළිණි ද සයිමන්, මනුෂිකා පතිරණ, විදුෂිකා හේරත්, රවින්ද්‍රි කාරියප්පෙරුම, දිල්රුක්ෂි නවරත්න හා අනුරුද්ධිකා හේමමාලි යන කලා ශිල්පීන් ශිල්පිණියන් සහභාගී විය.
ඉන්දියාව නියෝජනය කරමින්
කලවිඩ් ආර්. බී. ගෞතම් (ජයිපූර්), රවී මිචලේ (ජයිපූර්), අමිත් කල්ලා (ජයිපූර්), විජේ කුමාවත් (සවායි මාධෝපූර්), බීනු ගුප්තා (ගුරුග්‍රෑම්), සුරේෂ් කුමාර් (දිල්ලි), වන්ඩි ජයිස් (දිල්ලි), ක්‍රිෂ්ණා ටාෂි පල්මෝ (කුල්ලු), හර්ෂිත් පරිහාර් (ග්වාලියර්) යන කලා ශිල්පී ශිල්පිණියන් සහභාගී විය.


