චම්පිකා මුතුකුඩ


වෙරිටේ රිසර්ච් විසින් සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් 27 දින කොළඹ දී, පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහ හේලිස් ඇඩ්වන්ටිස් ආයතනයේ සහාය ඇතිව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි.
මෙම සම්මන්ත්‍රණය නම්කරර තිබුණේ ‘Riding the Indian Wave: World’s 5th Largest Economy on Sri Lanka’s Shores’ ලෙසිනි. මෙහිදී ඉන්දියාවට සමීපව පිහිටා තිබීම ශ්‍රී ලංකාවට උපායමාර්ගිකව වැදගත් වන අකාරයත් ඉන් ප්රතිලාභ ලබාගත හැකි ආකාරයත් විමසා බැලිණි. ලෝකයේ පස්වන විශාලතම සහ වේගවත්ම සංවර්ධනය වන ආර්ථිකය ඇත්තේ ඉන්දියාවටය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු ආර්ථික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, ක්ෂෙත්රයේ ප්‍රවීණයන් සහ ආර්ථික විද්‍යාඥයින් රැසකගෙන් සමන්විත කීර්තිමත් කණ්ඩායමක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.වෙළඳාම, නිෂ්පාදන, සංචාරක සහ බලශක්ති සම්බන්ධතා වැනි ක්ෂෙත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා පවතින අති මහත් අවස්ථාවන් ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
ඉදිරියේ සිදුවීමට නියමිත ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම දෙරට අතර සංවාදය වඩාත් ශක්තිමත් කරන කාලෝචිත වේදිකාවක් නිර්මාණය කරන ලද බැව් වෙරිටේ සර්ච් ආයතනය අභිමානයෙන් ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ වර්ධනය වන ගෝලීය සහ ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට උපයෝගී කරගත හැකි ආකාරය මෙම සම්මන්ත්‍රණයේ දී, වැඩිදුරටත් විමසා බැලිණ.




