පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම මහ අධිකරණයෙ කටයුතු කරන නිතිඥවරියක් දිගින් දිගටම අධිකරණයට ගරු නොකරමින් අපහාසාත්මක් ලෙස හැසිරීම සමබන්ධයෙන් පුත්තලම මහ අධිකරණ විනිසුරු නදි අපර්ණා සුවදුරුගොඩ මහත්මිය අදාල නිතිඥවරියට චෝදනා ඉදිරිපත් කළාය. අනතුරුව ඇය ඇප කොන්දෙසි මත ඇප මත මුදා හැරිණි.එහෙත් නීතිඥවරිය විසින් ඇප කොන්දෙසි ඉටු නොකිරීම හේතුවෙන් 28 දින රක්ෂීත බන්ධනාගාර ගත විමට සිදුව තිබුණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතව ඇත්තේ පුත්තලම මහ අධිකරණයේ සේවය කරනු ලබන ප්‍රියංකා සමරතුංග නැමති නිතිඥවරියකි.මෙම නිතිඥවරිය දිගින් දිගටම වෘත්තිය ආචාර ධර්ම වලට අනුකුල නොවී අධිකරණයේ කටයුතු කිරීම හේතුවෙන් මහ අධිකරණ විනිසුරුවරය අවස්ථා කිපයකදි මෙම නිතිඥවරියට දැඩි අවවාද කර තිබුණි. නමුත් එයද නොතැකිම හේතුවෙන් පුත්තලම මහ අධිකරණ ලේඛකාධිකාරිවරිය මහඅධිකරණ නඩු අංක එච්.සි.25/2 යටතේ නඩුවක් ගොනු කර තිබුණි.
අදාල නිතිඥවරිය අධිකරණයට ගරු නොකරමින් මෙලෙස හැසිරීම සම්බන්ධව රජයේ නිතිඥවරිය, පුත්තලම අධිකරණ නිතිඥ සංගමයේ සභාපතිවරයා හා පුත්තලම මහ අධිකරණ පොලිස් නිළධාරි ඇතුළු පිරිසගේ ප්‍රකාශ ලබා ගැනිමට මහ අධිකරණ ලේඛකාධිකාරිවරය කටයුතු කර තිබු අතර ඉන් පසු අදාල චෝදනා සදහා නඩු ගොනු කිරීමට කටයුතු කර තිබුණි.
එම චෝදනා සම්බන්ධව මෙම නිතිඥවරිය මහ අධිකරණයෙ පෙනි සිටි අවස්ථාවේ ඇය නිවැරදිකාරිය බවට ප්‍රකාශ කළ නමුත් , පසු අදාල චෝදනා සම්බන්ධව රුපියල් ලක්ෂ 25 බැගින් සහතික ඇප දෙකක් නියම කල මහ අධිකරණ විනිසුරුවරිය ,එම ඇප ඉදිරිපත් කිරීමේන් පසු ඇප මත නිදහස් කිරීමට නියෝග ලබා දී තිබුනි.
කෙසේ නමුත් අදාල ඇප කොන්දෙසි මෙම නිතිඥවරියට 28 දින සැපිරිමට නොහැකිවිම හේතුවෙන් කොන්දේසි සපුරණ තෙක් රක්ෂීත බන්ධනාගාර ගත විමට මෙම නිතිඥවරියට සිදුව තිබුණි.
අදාල නිතිඥවරිය අධිකරණයෙ පෙනි සිටි අවස්ථාවෙදි කිසිදු නිතිඥවරයකු ඇය වෙනුවෙන් පෙනි නොසිටිම විශේෂිත කරුණක් විය.
