පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

රුපියල් ලක්ෂ 250 කට අධික මුදලක් වැය කරමින් මාස තුනකට පෙර ඉදිකල කොට්ටුකච්චිය කිවුල අංක එක හල්මිල්මිලෑව මාර්ගය ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වී ඇති බව ජනතාව පවසයි.
පසුගිය රජයේ ප්‍රතිපාදන මත කිලෝමිටර් ලක්ෂය වැඩසටහන යටතේ මෙම කොට්ටුකච්චිය කිවුල අංක එක හල්මිල්ලෑව හරහා (තරුණ ව්‍යාපාරය හරහා ) මාර්ගයේ කිලෝ මිටරයක දුරක් ලක්ෂ 250 කට අධික මුදලකට ඉදිකර 2024 දෙසැම්බර් 28 දින එහි වැඩ අවසන් කර ඇත.
එම මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන සමයේ එය සිදුවන ආකාරය නිසි ප්‍රමිතියකින් තොර බවට ජනතාව නිරන්තරයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ හලාවත ප්‍රධාන කාර්යාලයටත්,මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් වරියටත්,පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු වගකිව යුතු නිළධාරීන් රැසකටත් දැනුම් දිම් කර ඇත. කොන්ත්‍රාත් කරුවන් විසින් එය ප්‍රමිති ගත ලෙස ඉදි කිරීමක් සිදුනොවිමේ හේතු මත මාර්ගය අද වන විට ගමන් කිරීමට නොහැකි ලෙස ස්ථාන රැසකින් අබලන් වී තිබේ.
මෙහිදි අදහස් දැක්වු හල්මිල්ලෑව පදිංචිකරුවකු වූ අනුර බංඩාර මහතා මෙලෙස අදහස් දැක්වීය.
“පසුගිය රජයේ ප්‍රතිපාදන වලින් තමයි අපිට මේ හල්මිල්ලෑව කිවුල අංක එක තරුණ ව්‍යාපාරය හරහා මාර්ගයේ කිලෝ මිටර් එකක් ඉදිකරන්න මුදල් ප්‍රතිපාදන ලැබුනේ.වැඩ පටන් ගත්ත මුල් කාලයෙ ඉදලාම කිසිම ප්‍රමිතියක් තිබුනේ නැහැ.ඒ නිසා අපි වගකිව යුතු හැම කෙනාටම කථා කරලා මේ ගැන කිව්වා.
ඒ ගැන කොන්ත්‍රාත්කරු දැනුවත් කර තිබුනත් එයා නිසි ආකාරයෙන් වැඩ කරන බවක් පෙනුනේ නැහැ. බොරළු වෙනුවට දාලා තිබුනේ කිරී මැටි වගේ දෙයක්.ඒ ගැන ඇහුවාම අත්හදා බලන්න දැම්මා කියලා තමයි අපිට කිව්වේ. අන්තිමට මුළු පාරම පුපුරලා කැඩිලා ගියා.
මුලින්ම කැඩුනේ පාර හදලා අවසන් වු දෙසැම්බර් 28 දා කොන්ත්‍රාත් කරුගේ වාහනයකටමයි.ඉන් පස්සේ යන්න බැරි විදිහට පුපුරලා තැනින් තැන කැඩිලා ගියා මොන රජයෙන් කලත් මේ අපේ බදු සල්ලි .ඒ නිසා අපි ඉල්ලන්නේ නැවත පාර සම්පුර්ණයෙන් සකස් කරලා දෙන්න කියලා යැයි ඔහු පැවසීය.
මේ පිළිබදව අදහස් දැක්වු තවත් ප්රදේශවාසියකු වන ඒ.එම් .අබේරත්න මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“අපිට දුකක් නැහැ පාර හදලා අඩුම තරමින් අවුරුදු දෙක තුනක් ගිහින් කැඩිලා ගියා නම්.මාස තුනකින් කැඩිලා යන්න පාරවල් අපිට ඕනාද?අනික රුපියල් කෝටි දෙකහමාරක මුදල්.දැන් අපි මේ ගැන මාධ්‍යයට කියනවා කියලා දැනුම් දුන්නාම ඇවිත් කැඩුන තැන් හාරලා ඒ තැන් විතරක් හදන්න හදනවා .නමුත් මුළු පාරම පුපුරලා ගිහින් කැඩුන තැන් කියලා හදලා මේ කරන්න යන්නේ කොන්ත්‍රාත් කරුගේ තැන්පත් වන රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදල ගන්න හදන වැඩක් විතරයි.අපි කියන්නේ පාර සම්පුර්ණයෙන් හදන්න කියලා යැයි ඔහු පැවසීය.
වගකිවයුතු පිරිසගේ අවධානය මේ පිළිබඳව ඉක්මනින් යොමුවනු ඇතැයි ප්‍රදේශවාසීහු බලාපොරොත්තුු වෙති.



