හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශයක්

රංජන් මඩගම්මන- 

මෙම සම්බාධක විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම් වූවක් නොවන අතර ,ශ්‍රී ලංකාවේ යුධ ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන ජාත්‍යන්තර බලපෑමක් බව හිටපු නාවික හමුදාපති අද්මිරාල්  ඔෆ් ද ෆ්ලීට්  වසන්ත කරන්නා ගොඩ මහතා පවසයි.

    තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක සම්බන්ධව අදහස් දක්වමින් එතුමා මේ බව පැවසීය.

    මෙවන් වාතාවරණයක නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච්  සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ,ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක් කල් යුක්තිය පසිඳ ලීම සඳහා ජාත්‍යන්තර පියවර ගත යුතුබවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *