බවුසරය පෙරළී දෙදෙනෙක් මරුට

කහවත්ත ලසන්ත  නිරෝෂණ  පෙරේරා

කලවාන – මතුගම මාර්ගයේ අම්බලමහේන පාලම අසලින් බව්සරයක් පෙරලීයෑමෙන් අද (27) අලුයම සිදුවූ අනතුරකින් එහි ගමන්කල දෙදෙනකු   ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි  කලවාන පොලිසිය පවසයි .

බරපතල තුවාල ලැබු පුද්ගලයා  රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රථයේ රියදුරු ලෙස කටයුතු කල  ගල්නෑව රඹුක්කන ප්‍රදේශයේ පදිංචි  ඇතුගල් හේවගේ ජනක පැතුම් කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයකු හා රිය සහයක ලෙස කටයුතු කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි බටුටිගේ ප්‍රියන්ත නැමති (36) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය

. අනතුරට ලක්ව ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි ආයතනයක රබර් කිරි බවුසරයකි.එම බවුසරය රත්නපුර ප්‍රදේශයේ රබර් කිරි එකතු කර නැවත යමින් සිටියදි අද  27  වනදා  අලුයම එක ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය. අනතුරින් රථයේ රියදුරු සහ රිය සහයක මියගොස් ඇති අතර ආයතනයේ නිලධාරිවරයකු බරපතල තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසිය. මියගිය පුද්ගලයන්ගේ දේහයන් කලවාන මූලික රෝහලේ මෘත දේහාගාරයේ තබා ඇති බවද පොලිසිය පවසයි.

අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බව බවට සැක පහළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *