කිත්සිරි වනසිංහ අනුරාධපුර
පසුගිය කාලය තුල මිහින්තලේ පූජාභූමිය පුරා සිදු කෙරුණු අවිධිමත් ක්‍රියා වැළැක්වීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත යටතේ ක්‍රියා කළ හැකි බව දන්වමින් ලිපියක් මගින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ .
අනුරාධපුර සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක මහතාගේ අත්සනින් යුතුව 2025.03.17 දින එම ලිපිය ඒවා ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භූමියක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනු දැනුමකින් තොරව හා පුරාවිද්‍යා ආඥා පනතට පරිබාහිරව කිසිවක් සිදුකළ නොහැකි බවත් එසේ වන්නේ නම් පවතින නීති රාමුව තුළ ක්‍රියා කිරීමට දෙපාර්තමේන්තුවට බලය ඇති බවත් එහි සඳහන්වේ.
පුරාවිද්‍යා භූමි සීමාව තුළ මාර්ග බාධක යෙදීම, ඉදිකිරීම හා ඒවා ඉවත් කිරීම එමෙන්ම එක් එක් පුද්ගලයන්ට උවමනා පරිදි කටයුතු කිරීම පුරාවස්තු වලට හානි සිදුවීම වැනි කරුණු පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම ලිපිය නිකුත් කර ඇති බව එමගින් පෙන්වා දී තිබේ.
මිහින්තලා පුද බිම වන්දනාමාන කරගැනීමට දිවයිනේ සිව් දෙසින් පැමිණෙන ජනී ජනයාට හා විදේශීය සංචාරකයින්ට පීඩාවක් නොවන පරිදි මෙන්ම පුරාවස්තූන් ආරක්ෂා වන පරිදි රථගාල් ස්ථාපිත කිරීම ,මාර්ග බාධක යෙදීම වැනි කරුණු කෙරෙහි අවධානයක් යොමුකොට ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසත් එම ලිපිය මගින් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ.
