මාස ගණනාවකට නොපෙනී ගිය සෙනසුරුගේ වළලු

නික්කි රණසිංහ

පසුගිය මාස කිහිපය තිස්සේ තාරකා විද්‍යාඥයින් සෙනසුරු ග්‍රහයාගේ වළලු අතුරුදහන් වීම නිරීක්ෂණය කරමින් සිටි අතර 2025 මාර්තු 23  වනදා ඒවා සම්පූර්ණයෙන්ම පෘතුවියට නොපෙනී ගොස් ඇත. ඒවා යළින් පෘතුවියට පෙනෙන්නට ගන්නේ තවත් මාස නවයක් යාමෙන් අනතුරුව වේ.

අවසන් වරට මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවූයේ 2009 වසරේ වන අතර මෙය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක් ඇලවුණු අක්ෂයක් සමඟ භ්‍රමණය වීම නිසායි. 

මෙම සෙනසුරු වළලු මූලික වශයෙන් නිර්මාණය වී ඇත්තේ කුඩා පාෂාණ, දූවිලි අංශු සහ ද්‍රව අයිස් වලිනි. ඒවා වල්ගා තරු, ග්‍රාහක හෝ සුනු විසුණු වී ගිය චන්ද්‍ර කොටස් යැයි විස්වාස කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *