වැලිගමදී පැහැරගත් කාන්තාව සොයා පොලිස් පරීක්ෂණ

වැලිගම   තරංග ගුණරත්න 

රැකියාවට ගොස්  නැවත නිවස වෙත ළඟාවෙමින් සිටියදී  වැලිගම  බොරාළ ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන කාන්තාව සොයා  පොලිස් පරීක්‍ෂණ ආරම්භ කෙරේ.

වැලිගම පොලිස් වසමේ බොරාලගම ප්‍රදේශයේ පදිංචි වයස  (22 ) වන කාන්තාවක්  මෙලෙස පැහැරගෙන ගොස් තිබේ .
අමන්දා කාවින්දි කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඉකුත් 24 දින පස්වරුවේදී රාජකාරී කටයුතු යෙදී තිබූ බැවින්  එදින පස්වරු 01 පමණ  නිවසින් පිටව ගොස් තිබු අතර රාත්‍රී    10 :00 පමණ  තම සේවා මුරය අවසන් කොට  ආයතනය සතු ප්‍රවාහන සේවාව මගින් නිවස වෙත ළඟාවෙමින් සිටි බව  කියවේ. එම අවස්ථාවේදී  සිය සැමියාට  ප්‍රධාන  මාර්ගයට පැමිණෙන ලෙස දුරකථන පණිවිඩයක් ලබා දී තිබේ.
ඒ අනුව ඔහුගේ ස්වාමිපුරුෂයා වූ ඩි.ඩි දිනේෂ්  වැලිගම බොරාල ප්‍රධාන මාර්ගයේ රැඳී සිටියදී   ඔහුගේ බිරිඳ  ආයතනය සතු ප්‍රවාහන සේවා බස් රථයෙන් එම ස්ථානයට පැමිණ තිබේ.
ඒ සමගම එම බස් රථයේ පසුපස පැමිණි  වෑන් රථයේ සිටි පිරිසක් විසින් තියුණු ආයුධ පෙන්වා ඔහුගේ බිරිඳ පැහැරගෙන ගිය බව ඔහු පවසයි.

ඩි.ඩි දිනේෂ් හෝටලයක සේවය කරන අතර ඔහුගේ මව සහ බිරිඳ සමග නිවසේ ජීවත් වූ බවත්  ඔවුන් සමග කිසිවකු අමනාපයෙන් නොසිටි බවත් දිනේෂ් පවසා සිටි.
කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *