කාලගුණ විද්‍යා දිනය සැමරීම කොළඹ දී

නික්කි රණසිංහ

ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලබන්නේ සෑම වසරකම මාර්තු 23 වන දිනදීය. එය 2025 වසරේ දී පසුගිය 23 වන ඉරිදා දිනයට යෙදී තිබුණු අතර මෙවර තේමාව වූයේ “ පූර්ව අනතුරු ඇඟවීමේ පරතරයන් එකට එක්වී වසා දමමු” යන්නයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 1950 මාර්තු 23 වනදා පිහිටුවන ලද අතර ලෝක කාලගුණ විද්‍යා දිනය එදිනට යොදා ගැනීමට හේතු වී ඇත්තේ එයයි.

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දිනය සැමරීම මාර්තු 25 වන දා කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සිදු වුණු අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ( විශ්‍රාමික ) මහතා එක්වී සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *