සීනි පරිභෝජනය ගැන ශ්‍රී ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක්

 

ශ්‍රී ලාංකිකයන් නිර්’දේශ ශිත ප්‍රමාණයට වඩා සීනි පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) අනතුරු අඟවයි.

ශ්‍රී ලාංකිකයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් පමණ පරිභෝජනය කරන බව SLDA හි සහකාර ලේකම්, උපදේශක දන්ත ශල්‍ය වෛද්‍ය නිලන්ත රත්නායක හෙළි කළේය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්’දේශ කර ඇති කිලෝග්‍රෑම් 10 සීමාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය.

අධික සීනි පරිභෝජනය දත් දිරායාමට සහ කුහර ඇතිවීමට ප්‍රධාන හේතුවක් වේ. දුර්’වල මුඛ සෞඛ්‍ය පුරුදු නිසා මෙම ගැටළුව තවත් උග්‍ර වන අතර, ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 50 ක් පමණක් දිනකට දෙවරක් දත් මදින බව දන්ත ශල්‍ය වෛද්‍ය රත්නායක අවධාරණය කළේය.

අධික සීනි පරිභෝජනය හා සම්බන්ධ අවදානම් අවම කිරීම සඳහා සීනි නිෂ්පාදන අඩු කිරීම සහ මී පැණි සහ පලතුරු වැනි සෞඛ්‍ය සම්පන්න විකල්ප තෝරා ගැනීම විශේෂඥයින් නිර්’දේශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *