ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු වගකිව යුතු බවට එක්සත් රාජධානිය විසින් ඊයේ තීන්දු කරන ලදී. ඒ අනුව එම පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් ඊයේ (24 ) සම්බාධක පනවා තිබේ.
එම පිරිස වන්නේ හිටපු යුද හමුදාපතිවරුන්වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හා LTTE සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයග මූර්ති මුර්ලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන පිරිසය.
යුද්ධය පවතින කාලය තුළින් නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික අපචාර සිදු කිරීම ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් එම සම්බාධක පනවා තිබේ.
එමෙන්ම LTTE සංවිධානයේ කලක් සේවය කළ LTTE සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාර්ගමූර්ති මුල්ලිදරන් හෙවත් කරුණා අම්මාන් ද ඇතුලත් වේ.
ඒ අනුව එම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම තහනම් වන අතර එරට තුළ ඔවුන් සතුව ඇති වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක වනු ඇත..



