අජිත්ලාල් ශාන්තඋදය

සෑම වසරකම මාර්තු 24දා ලෝක ක්ෂය රෝග දිනය ලෙස සලකනු ලබයි. ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ ඉලක්ක වසර 2035 ලෙස සලකනු ලබයි. ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය ව්‍යාපාරය මේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කරට ගෙන සිටී. දිවයින පුරා විවිධ ප්‍රදේශවල පිහිටි ළය රෝහල් හරහා සහ ඒ ඒ පළාත්වල පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ හරහා රෝගීන් හදුනාගැනීමේ වැඩසටහන් ක්‍රිියාත්මක කරමින් ප්‍රතිකාර ලබාදී ක්ෂය රෝගීන්ගේ ප්‍රමාණය අවම කිරීමේ වෑයමක යෙදෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලංකාවේ ක්ෂය රෝගීන් ගණන ජනගහනයෙන් ලක්ෂයකට හැට හතකි. ක්ෂය රෝගය තුරන්වුවායැයි සැලකීමට නම් එය ලක්ෂයකට දහය දක්වා අඩුවිය යුතුය.
මේ වනවිට ලංකාවේ ක්ෂය රෝගය හේතුවෙන් දිනකට මරණ දෙකක් පමණ සිදු වන්නේ යැයි ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය ව්‍යාපාරය අවධාරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. එසේම ක්ෂය රෝගය ආසාධනය වු හාරදහසත් පන්දහසත් අතර පිරිසක් ක්‍ෂය රෝගයට හේතුකාරක බැක්ටීරියාව වන ටියුබකියුලස් බැසිලස් නම් ක්‍ෂද්‍ර ජීවී විශේෂය සමාජයට පතුරුවමින් නිදැල්ලේ පසුවෙයි. ඒ නිසා ක්ෂය රෝගයට ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ප්‍රමාණයට මේ අනාවරණය නොවු රෝග කාරක බැක්ටිරියාව ආසාධනය වු පිරිස ද ඇතුළත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය මතයයි.
සති දෙකකට වඩා පවතින කැස්ස, සවසට මඳ උණ පැවතීම, බර අඩුවීම, කෑම අරුචිය, රාත්‍රීයට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිටවීම යනාදිය ක්ෂය රෝග ලක්ෂණ බව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා මහත්මිය අවධාරණය කරන්නීය.
ආහාර මදකම හා දුෂ්පෝෂණය, අධික මත්පැන් පානය, පමණ ඉක්මවා වෙහෙසීම, පිරිසිදු වාතයෙන් තොර ස්ථානවල ජීවත්වීම, අධික දුම්පානය, ක්‍ෂය රෝගය සෑදීමට හේතු බව අවධාරණය කරයි. ක්‍ෂය රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 80% වැඩි ප්‍රමාණයක් ජීවත්වනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවල බව විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා කෂයරෝග මර්ධන වැඩසටහනකදී පෙන්වාදුන්නේය. .ඉන්දියාවේ වසරක් පාසා ක්‍ෂය රෝගයෙන් 500000 පමණ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා පෙන්වා දෙන්නේ චීනය සහ දකුණු අප්‍රිකාවේද ක්ෂය රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් ඇති බවයි. 2022 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ක්ෂය රෝගයෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව ලක්ෂ දාසයක් බව විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා අවධාරණය කළේය.
ලංකාවේ ද බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වැඩිම ක්ෂය රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බව ද ඔහු කීවේය. 2024 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවු ක්ෂය රෝගීන් හාරසිය දෙනෙකුගෙන් හතළිහක් පමණ මියගිය බව ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
ක්ෂය රෝග ලක්ෂණ ඇති බොහෝ දෙනෙක් සමාජයේ පවතින දුර්මතයන් නිසා ප්‍රතිකාර ගැනීමට ඉදිරිපත් නොවීම රෝගය තුරන් කිරිමට බලපාන ප්‍රබලම ගැටලුවක් බව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය පෙන්වා දෙයි.
අතීතයේදී ක්ෂය රෝගය විවිධ නම්වලින් හදුන්වනු ලැබීය. සුදු මයා මාරිය, කාසය, කාස රෝගය ආදී නම්වලින් හැදින්වීම නිසා රෝගය වැළදුනු බව සමාජය දැනගැනීමෙන් තමන් සමාජයෙන් කොන් වෙතැයි යන බිය රෝගියා තුල පැලපදියම්ව තිබුණි. එසේම ක්ෂය රෝගය යනු මාරාන්තක රෝගයක් බවත් වැළදුන පසු සුවකළ නොහැකි නිසාත්, තවත් කෙනෙකුට බෝවන නිසාත් රෝගය වැළදුන හැම කෙනෙක්ම පාහේ රෝගය වසන් කිරිමට අතීතයේ කටයුතු කළහ.
” ක්ෂය රෝගයට මාස හයක් එක දිගට ප්‍රකාර ගැනීමෙන් නිට්ටාවටම සුව කර ගත හැකියි. බොහෝ රෝගීන් දිගටම බෙහෙත් ගන්න එන්නේ නෑ. ටිකකාලයක් අරගෙන රෝග ලක්ෂණ අඩුවුණාම බෙහෙත් නවත්වනවා. එතකොට රෝගය සුව වෙන්නේ නෑ. කොත්තු බාස්ලා වැනි පුද්ගලයින්ට මේ රෝගය වැළදුනාම ඒ අය ආහාර සැකසීමේදී ආහාරවලට කෙළ බිදිති එකතුවීමෙන් වැඩි පිරිසකට රෝගය බෝවෙන්න පුලුවන්. සෙනග වැඩිපුර ඉන්න බන්ධනාගාර, රැදවුම් මධ්‍යස්ථාන, නාගරික ගෙවල්, වතුකරයේ නිවාස ආදිය ක්ෂය රෝගය පැතිරයාමට ඉඩඇති තැන්. ” විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා පැහැදිලි කළේය.
ක්ෂය රෝගය වැළදුනු පුද්ගලයන් අතරින් 60%ක් වයස අවුරුදු 15ත් 60ත් අතර පසුවන්නන් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. එම පිරිස සමාජ, ආර්ථික ක්‍රියාවලියට විශාල දායකත්වයක් දෙන වයස් කාණ්ඩය නිසා ක්ෂය රෝගය නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ගෙනෙන බවද පෙන්වා දුන්නේය.
රොබට් කොක් නම් වෛද්‍යවරයා විසින් ක්‍ෂය රෝගයට හේතුකාරකයවන බැක්ටීරියාව වු ටියුබකියුලස් බැසිලස් නම් ක්‍ෂද්‍ර ජීවී විශේෂය 1882ඳී සොයා ගන්නා ලදී. එහෙත් විශ්වයේ ක්ෂය රෝග බැක්ටීරියාව වසර 8000ක් තරම් පැරණි කාලයක සිට පැවත එන බව විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා සිය දේශනයේදී අවධාරණය කළේය. ඊජිප්තුවේ පාරාවන්, විවිධ දාර්ශනිකයින්, අධිරාජ්‍යවරුන්ගේ මරණයන්ට ක්ෂය රෝගය හේතුවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය. ඒ නිසා ක්ෂය රෝගය දුප්පතුන්ට පමණක් වැලදෙන රෝගයක් නොවන බව හෙතෙම අවධාරණය කළේය.
වතු ආශ්‍රිත පරිසරයන්හි ක්ෂය රෝගය පැතිරයාමට හේතු කිහිපයක් ඇත. නිසි වාතාශ්‍රයන් නොලැබෙන අදුරු සහිත ලැයින් කාමරවල සමූහ වශයෙන් ජීවත්වීම එක හේතුවකි. රෝග කාරකයෙක් සිටිය හොත් ඔහු සෙසු සියලු දෙනාටම රෝගය පතුරුවයි. අධික ලෙස දුම්පානයට සහ මත්වතුර සහ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමද වතුකරයේ ක්ෂය රෝගය පැතිරයාමට තවත් හේතුවකි. මේ නිසා වතු ජනතාව ප්‍රතිශක්තී හීනතාවෙන් පසුවෙති.
වතුකරයේ ජනතාව රෝගය වසන් කිරිම රෝගය වැළැක්වීමට බලපාන ප්‍රධානම හේතුව බව ද ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය් විශ්වාසයයි. එය වතුකරයට පමණක් නොව රෝගීන් බහුල වෙනත් ප්‍රදේශවල ද පවතී.
ක්ෂය රෝගය වර්ග කිහිපයක් ඇති බව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා මහත්මිය අවධාරණය කරන්නීය. පෙනහළු ක්ෂය රෝගය (PTB), ක්ෂය රෝගය (TB), අමතර පෙනහළු ක්ෂය රෝගය (EPTB) ලෙස ඒවා හදුන්වනු ලබයි.
ක්ෂය රෝගය ඉතා දරුණු රෝගයක් නිසා එය මර්ධනය කිරිමට විද්‍යාඥයින් ප්‍රතිකාර සෙවීය. බොහෝ පර්යේෂණ ප්‍රතිඵල අනුව ක්‍ෂය රෝගයට විරුද්ධව ඇති එකම සාර්ථක එන්නත B.C.G.බව තවමත් පිළිගනී. වයස අවුරුදු පහට අඩු දරුවන්ට B.C.G. එන්නත ලබාදෙන්නේ ක්ෂය රෝගය වැළදීම වැළක්වීමටය.
නමුත් වර්තමානය වනවිට දරුවන්ද ක්ෂය රෝගයට ගොදුරුවී ඇති බව රෝගීන් හදුනාගැනීමේ පරීක්ෂණ වලදි අනාවරණය වී ඇති බව විශේෂඥ වෛද්‍ය ටී.වී. මුතුගුණාංග මහත්මිය අවධාරණය කළාය. ඇය පැවසුවේ 2024 වසරේදි රත්නපුර දිස්ත්‍රික්කයෙන් ළමා ක්ෂය රෝගින් 19 දෙනෙකු හදුනාගත් බවයි. 2025 වර්ෂයේ මුල් මාස තුනේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තවත් ළමා ක්ෂය රෝගීන් තිදෙනෙකු සොයාගත් බව ද ඔවුන් තවමත් ප්‍රතිකාර ගන්නා බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
කුඩා කාලයේ ක්ෂය රෝගයෙන් ආරක්ෂා වීමට ලබාදෙන B.C.G. එන්නත සක්‍රීය නොවන්නේ ද යන්න මෙමගින් ගැටලුවක් පැන නගී. B.C.G. එන්නත විද්ද තැන කැළල මැකී ඇත්නම් ඒ ගැන වහා සොයා බැලිය යුතු බව විශේෂඥ වෛද්‍යවරියගේ අදහස විය.
මේ අතර විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා පැවසුවේ කුඩාකාලයේ විදින B.C.G. එන්නතේ බලපෑම ඇත්තේ අවුරුදු විස්සක කාලයක් පමණක් බවයි.
”අපි හිතමු අවුරුදු පහක ළමයෙකුට ක්ෂය රෝගය ආසාධානය වුණා කියලා. එයා හොද ප්‍රතිශක්තීරණයකින් පසුවෙනවා නම් ක්ෂය රෝගය ඇති වෙන්නේ නෑ.. නමත් අවුරුදු අසුවක් ගිහිං එයාගේ ප්‍රතිශක්තිය හීන වුණොත් ක්ෂය රෝගය වැළදෙන්න පුලුවන්. ඒ නිසා මහජනතාව වු අපි හැමෝම ක්ෂය රෝග ආසාධනයට ලක්වෙලා ඉන්නවා වෙන්න පුලුවන්. නමුත් අපේ ප්‍රතිශක්තිය බලවත් නිසා ක්ෂය රෝගය අපිට වැලදෙන්නේ නෑ.” විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා සදහන් කළේය.
ඔහු පෙන්වා දෙන පරිදි ක්ෂය රෝගය වැළදුන අයගෙන් 50%ක් මියයයි. හේතුව වන්නේ ක්ෂය රෝගය ආසාධනය වී ප්‍රතිකාර ලබාගැනීම පමාවීම නිසා වෙනත් රෝග ආසාධනය වී, ශරීර ශක්තිය දුර්වල වී, ක්ෂය රෝගය හේතුවෙන් මියයා හැකි බවයි. තවත් 25%ක් හොද ප්‍රතිශක්තියක් ඇතිව රෝගවාහකය ශරීරයේ තබාගෙන ප්‍රතිකාර නොගෙන පසුවන බවයි. ඉතිරි 25% ක්ෂය රෝගයට ගොදුරුවී බැක්ටිරියාව සමජගත කිරීම නිසා රෝගය පැතිරය යන බවද විශේෂඥ වෛද්‍ය සමන් කමලවංශ මහතා පැවසුවේය.
ක්ෂය රෝගය පතුරුවන ටියුබකියුලස් බැක්ටීරියාව තද හිරුඑළිය වැටුණු විට විනාශවන බව විශේෂඥ වෛද්‍ය මතයයි. ඒ නිසා තමන්ගේ ඇද ඇතිරිලි, කොට්ට මෙට්ට දින කිහිපයකට වරක් තද අව්වේ දැමීමෙන් ඒවායේ රෝග කාරක බැක්ටීරියාව ඇත්නම් විනාශ වී යයි. ඒ නිසා රජයන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ක්ෂය රෝගය පැතිරයාම වැළැක්වීමට කුමණ පියවර ගත්තද මහජනතාවගෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබුනොත් එය සාර්ථක වන්නේ නැත.
කොරෝනා වසංගය පැතිර ආ අවස්ථාවේ මහජනතාව එය වළක්වා ගන්නට පොදු මහජනතාව සහාය නොදුන්නානම් මෙතරම් ඉක්මනින් එය වළක්වා ගැනීමට ලෝකයාට හැකි නොවනු ඇත. ඒ නිසා 2035 වසරේදී ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ අරමුණ ෂාක්සාත් කරගැනීමට මහජනතාව වෙත පැවරී ඇත්තේ ද ලොකු වගකීමකි.
ලෝක ක්ෂය රෝග දිනය එළැඹි මාර්තු 24දා දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සහ දිස්ත්‍රික් මට්ටමේ ළය රෝහල් හා පළාත් සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂඥ වෛද්‍යවරු, ළය රෝහල් කාර්ය මණ්ඩල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, හෙද සිසුවියන්, ස්වේච්ඡා සංවිධාන එක්ව 24දා පාගමනක් පවත්වනු ලැබීය.
ක්ෂය රෝගය මර්ධනය කිරීමේ ක්‍රමයන් පිළිබදව ජනතාව දැනුවත් කරන පෝස්ටර්, ඒගැන කියවෙන වීදි නාට්‍ය ද සමග රත්නපුර ශික්ෂණ මහ රෝහලේ සිට රත්නපුර නගර ශාලාව වෙත මේ පාගමන ගමන් කළේය. රත්නපුර පොදු බස් නැවතුම් පොලේ දී ක්ෂය රෝගයට ප්‍රතිකර ලබාගැනීම පිළිබද තොරතුරු සහිත ස්ටිකර් ද අලවනු ලැබීය. වීදි නාට්‍ය මගින් ජනතාව ද දැනුවත් කරනු ලැබීය.

පසුව රත්නපුර නගර ශාලාවේදී දැනුවත්කිරීමේ උත්සවයක් පළාත් ආණ්ඩුකාර චම්පා චානකී රජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිනි. රත්නපුර ළය රෝහල් කාර්ය මණ්ඩලය මේ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලැබීය.