මොහොමඩ් ආසික්

ඉංග්‍රීසි පාලන සමයේ එනම් මෙයට වසර 160 කට පමණ පෙර ඉදි කරනු ලැබූ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ඓතිහාසික කටුගස්තොට පැරැණි යකඩ පාලම මේ වන විට දැඩි ලෙස දිරා පත් වී කඩා වැටීමේ අවදානමකට මුහුණ දී තිබේ.
පුරාතන ශ්‍රී ලංකාවේ රුහුණු පිහිටි මායා යන තුන් සිංහලය වෙන් වන මධ්‍ය ලක්ෂය පිහිටි ස්ථානය කටුගස්තොට පාලම පිහිටි ස්ථානය වන බවද ප්‍රදේශයේ ජනතාව තුළ මතයක් පවතී
මෙරට ඉංග්‍රීසින් පාලනය කරන කාලයේ මහනුවර සිට මාතලේ අනුරාධපුරය පොළොන්නරුව යාපනය තිකුණාමලයට පමණක් නොව කුරුණෑගල පුත්තලම දෙසටද ගමන් කිරීම සඳහා සුදුසු ගොඩබිම් මාර්ගයක් නොතිබූ අතර මහවැලි ගඟ තරණයට ඔරු සේවයක් යොදා තිබුණ බවත් පැවසේ. කෙසේ නමුත් එහි පැවැති අපහසුතාවයන් හේතුවෙන් ඉංග්‍රීසි පාලන සමයේදී 1858 වසරේ සැප්තැම්බර් මාසයේදී මහවැලි ගඟ හරහා ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ මෙම කටුගස්තොට පාලම 1860 මාර්තු මාසයේදී විවෘත තරනු ලැබ ඇත්තේ එවක අග්‍රාණ්ඩුකාර වෝඩ් මහතා විසිනි. අශ්ව කරත්ත කිහිපයක් ගමන් කිරීම සඳහා මෙම යකඩ පාලම එදා ඉදි කරනු ලැබූ නමුත් වසර 150 කට අධික කාලයක් විවිධ වාහන ලක්ෂ ගණනක් එහා මෙහා ගියත් පාලම මෑතක් වනතුරුම ඉතා හොඳ තත්වයේ පැවතිණ.
මෙම පාලම වෙනුවට මෙයට සමාන්තරව නව පාලමක් ඉදි කිරීමත් සමඟ මෙම පාලමේ අලුත්වැඩියාවන් නඩත්තුව අතහැරී ගොස් ඇති බවත් මේ වන විට පාලම දැඩි ලෙස දිරා පත් වී ගිලා බැසිමේ අවදානමකට ලක්ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව කියති. පාලමේ යකඩ මේ වන විට දිරා පත් වෙමන් පවතින අතර ඒවා දැඩි ලෙස මළබැඳ තිබෙනුද දැකිය හැකියි.



