පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

වයඹ මුහුදු තිරයට අයත් කල්පිටිය ඉච්චන්කාඩුව වෙරළ තිරයේ ලඳු කෑලැවක තිබි මෑත ඉතිහාසයයේ වැටලිමකදි අත් අඩංගුවටසමතුලිත විශාලතම සිගරැට් තොගය අත්අඩංගුවට ගැනීමට කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු සමත් වූහ. රුපියල් කෝටි හතරකට ආසන්න විදේශීය සිගරට් තොගයක් සමග බිඩි කොල තොගයක් මෙසේ අත් අඩංගුවට ගන්නා ලදී.ඒ 23 වන දින සවස් කාලයේය.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා මගින් රැගෙන විත් කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පිටිය නමින් ප්‍රසිද්ධ ගුවන් පුහුණු කදවුර ආසන්නයේ ඉච්චන්කාඩුව වෙරළ තිරයට සමීපව කෑලැබද පෙදෙසක සගවා තිබු විදේශීය සිගරැට් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් බවත් මෙය විශාල ජලය නොරැදෙන පොලිතින් බැග් වල අසුරා තිබු බවත් වැටලිම සිදුකල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරීහු පවසති.
මෙම විදේශීය සිගරට් තොගය උර විස්සක අසුරා තිබු බවත් එක් උරයක සිගරට් 20000 (විසිදහසක් ) අසුරා තිබු බවත් එහි වෙළද පොළ වටිනාකම රුපියල් කෝටි හතර ඉක්මවන බව වැටලිමට එක්වු නිළධාරින් පවසයි.
කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත මෙම වැටලිම සිදුකර තිබු අතර මෙම සිගරට් තොගය මෑත කාලයේ වයඹ මුහුදු තිරයට ආසන්න වෙරළ තිරයේදී අත් අඩංගුවට ගත් විශාලතම සිගරට් තොගය බව කියයි.ට්
අදාල සිගරට් තොගය සමග තවත් උර හතරක අසුරා තිබු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බිඩි කොල තොගයක්ද මෙම ලදු කැලෑවේ තිබී අත් අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් බංඩාර මහතාගේ උපදෙස් මත කොට්ඨාශ දූෂණ මර්ධන අංශයෙ ස්ථානාධීපති උප පොලිස් පරික්ෂක කේ.ආර් .ඉලංගසිංහ මහතා සමග පොලිස් සැරයන්වරුන් වන 67891 රත්නායක,75189 සිරි බංඩාර,පොලිස් කොස්තාපල් 87102 රත්නායක යන නිළධාරීන් වැටලිමට එක්ව තිබුනී.
අත් අඩංගුවට ගත් සිගරැට් තොගය ඉදිරි විමර්ශන සදහා කල්පිටිය පොලිසියට භාර දීමට කටයුතු කර තිබුනී.


