වවුනියාව මාධව කුලසූරිය.
සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ඊයේ(23) ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය කයිට්ස් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ නිවස අසළ තිබු බෝතලයක තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර,ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිටිස් රෝහලට ඇතුළත් කොට තිබු බවයි.
යාපනය,කයිට්ස්,නාරාත්තනෙයි ප්‍රදේශයේ පදිංචි සදීශ් සංජිත් නමැති වයස අවුරුදු එකයි මාස නමයක් වු දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය කීය.
දරුවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබු අතර,ප්‍රතිකාර අතරතුර දරුවා ඊයේ(23) ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසූහ.
පසුගිය 18 වැනිදා අනතුර සිදුව තිබු අතර,දරුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
