යසංග මහවිතාන

කොළඹ යුනියන් පෙදෙසේ ,පාක් වීදියේ පිහිටි රාත්රි සමාජ ශාලාවක 22 වෙනිදා අළුයම ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එදින යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තිබුණි. සිද්ධියෙන් අදාල ආරක්ෂක නිලධාරියා තුවාල ලබා තිබේ.
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග මේ පිරිස ඊයේ (22) අලුයම එම එම රාත්රී සමාජශාලා පරිශ්රයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
පිරිස එම සමාජශාලාව තුළට ඇතුළුවීමේදී හඳුනා ගැනීමට පළඳින අත් පළඳනා පැළඳගන්නා ලෙස එහි ආරක්ෂකයින් පවසා තිබේ.
ආරක්ෂක නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්රදේශයන් හී පදිංචිකරුවන් බවත්, මේ වන විට ඔවුන් ප්රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබිණි
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බව විමර්ශන ක්රියාත්මක කරන කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
