රංජන් මඩගම්මන
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2850 ක්,ගංජා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1260 ක්,සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන රුපියල් 1,31,500 (එක් ලක්ෂ තිස් එක්දහස් පන්සියයක්) මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලිසියේ අපරාධ අංශය සමත් විය.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන විසි තුනක් (23) ද සොයාගන්නා ලදී. එම ජංගම දුරකථන විවිධ ප්‍රදේශවලින් සොරකම් කරගන්නා ලද ඒවා බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත .දුරකථන වල හිමිකරුවන් වෙත නැවතත් බාර දීමට පොලිසිය විසින් කටයුතු සිදු කරමින් පවතී.
සැකකරු කුරුවිට ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 28ක අයෙකි.ඔහු රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.වැඩි දුර විමර්ශන කටයුතු කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිණිපුර මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.

