යෝධ කිඹුලෙක් පුංචිකුලමට ඇවිත්

තිරප්පනේ සමන් පෙරේරා

තිරප්පනේ වනජීවී බීට්ටුවට අයත් පුංචිකුලම ගම්මානයට ඉකුත් 22  වනදා රාත්‍රීයේ පැමිණි විශාල කිඹුලෙකු අල්ලාගෙන මිහින්තලේ අභයභූමිය වෙත ආරක්ෂිතව මුදා හැරීමට තිරප්පනේ  වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙම කිඹුලා දිගින් අඩි 8 අඟල් 8 ක් පමණ වන බව වනජීවී නිලධාරීහු කීහ. පුංචිකුලම අවට වූ වැවකින් රාත්‍රී කාලයේ ගම්මානයට පැමිණ ආපසු යෑමට නොහැකි වී ගම්මානයේ මැද කොටු වී සිටි‍ය දී මෙම කිඹුලා පිළිබඳ ගම්වාසීන් විසින් තිරප්පනේ වනජීවී කාර්යාලය දැනුවත් කර තිබේ.

පසුව තිරප්පනේ වනජීවී කාර්යාලයේ අඩවි සහකාර බුද්ධික අතුකෝරළ මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එම ගම්මානයට ගොස් කිඹුලා අල්ලාගෙන ලෑල්ලක තබා ගැටගසා තිබේ. අනතුරුව වනජීවී කැබ්‍ රථයට පටවා එම කිඹුලා මිහින්තලේ මහකනදරාව අභයභූමිය වෙත මුදාහැරීමට කටයුතු කෙරිණි.

වනජීවී නිලධාරීන් විසින් කිඹුලා ලෑල්ලක් මත ගැට ගසන අයුරු.

0014 වනජීවී කැබ් රථයට කිඹුලා පටවා ඇති අයුරු.

0015 අල්ලාගත් කිඹුලා.

0016. අභයභූමියේ දිය මංකඩක් වෙත කුඹුලා යන අයුරු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *