ලංකාවේ පැරණිම සෙල්ලිපිය

රන්ජන් මඩගම්මන ඇහැලියගොඩ

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පදනම්ව ශ්‍රී ලංකාවේ අක්ෂර කලාව පිළිබඳව විද්වතුන් කාලයක සිට විවිධ අදහස් පළ කොට තිබේ.එහිදී බොහෝ දෙනෙක් දක්වන අදහස් අතරින් කියවෙන්නේ ලාංකික අක්ෂර කලාව ඇරඹෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ  ලංකාගමනයත් සමඟ බවය.මහාවංශය වැනි මූලාශ්‍ර වලින් පැහැදිලි වන්නේ ඊටත් එපිට සිට අක්ෂර කලාව පැවතුණ බවය.කරුණු රාශියක් අධ්‍යයනය කිරීමෙන් විවිධ කරුණු පෙන්වා දුන්නද  විජයාවතරණය තෙක් දිව යන්නක් ලෙසද දැක්විය  හැකිවේ. ඒ පිළිබඳව පුරාවිද්‍යාඥයින් මෙහිදී කරුණු පෙන්වා දී තිබේ.අනුරාධපුර ප්‍රදේශ කිහිපයකින්ම කැනීම් වලදී හමුවෙන ලද ද්‍රව්‍ය උපකරණ ආශ්‍රිතව යම් යම් කරුණු මේ පිළිබඳව පැහැදිලිය.

        අනුරාධපුර සල්ගහවත්ත ආශ්‍රිතව හමු වූ මැටි බඳුන් කැබලි ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය.ඒ තුළින් පැහැදිලි වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමටත් පෙර සිටම ලංකාවේ අක්ෂර භාවිතය නිරන්තරව පැවතුණු බවය.මහාචාර්ය පී. ඊ .ඊ ප්‍රනාන්දු  මහතා විසින් තබා ඇති සටහන මෙහිදී ඉතා වැදගත්කොට සැලකිය හැකිය.එය පහත පරිදි උපුටා දැක්විය හැකිය.

” බ්‍රාහ්මී අක්ෂර මාලාව සමහරවිට සමහර විට මොහෙන්ජො දාරෝ අක්ෂර වලින් සකස් වී තදන්තරව කාලයාගේ ඇවෑමෙන් දකුණු ඉන්දියාවට සංක්‍රමණය වී බ්‍රාහ්මී අක්ෂරයන්ගේ දක්ෂිණ භාරතීය විශේෂය වන්නට ඇත.ඉතා පුරාණයෙහි පටන් ඉන්දියාවේ එකී ප්‍රදේශය සහ ලංකාව අතර පැවති  සබඳකම්වල ප්‍රතිඵලයක් වශයෙන් මේ අක්‍ෂර මාලාව ලංකාවෙහි භාවිතයට එන්නටඇත “

  ශ්‍රී ලංකාවේ පැරණිම ශිලා ලේඛන ලෙස සැලකිය හැකි ලේඛනද හමුවේ.බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අතීතයේ කරවන විහාරාරාම ආශ්‍රිතව ඇති ලෙන්තුල මේවා දැකිය හැකිය.මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයා සමගම ලංකාවේ බ්‍රහ්මීය අක්ෂර භාවිතය ප්‍රචලිතව ඇත.භික්ෂූන් වහන්සේලාගේ වැඩම කිරීමක් සමගම තවත් වඩා සංවර්ධනය වී ඇත.පසුව එය මහජනයා අතර ප්‍රචලිත වන්නට විය.මේ බව මහාචාර්ය පී .ඊ. ඊ .ප්‍රනාන්දු මහතා පෙන්වාදී තිබේ.

       බොහෝ ලිපි වල පොදු ලක්ෂණයක් ලෙස දායකත්වය පූජාව ,” අගත අනගත චතුදිශ ශගශ දිනෙ ” ඒ අනුවෙනි.පැමීනී නොපැමිණි සිව් දිග සංඝයාට පූජා කරන ලදී යන පාඨය සහිතව පූජා කිරීමද සඳහන්.

      මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 250- 210 කාලයේය.එම කාලය තුළ පාලකයා වූයේ දේවානම්පියතිස්ස රජතුමාය.එතුමාගෙන් පසුව ලක්දිව රජ වන්නේ ඔහුගේ සොහොයුරු උත්තිය රජුය.ලංකාවේ පැරණිම ශිලා ලේඛන පිළිබඳව කතා බහට ලක්වන්නේ මෙම රජවරුන්ගේ කාල කාලවකවානුව තුළය.මෙහිදී උගතුන් පෙන්වා දෙන කරුණු සලකා බැලීමේදී බැලීමේදී පැරණිම ශිලා ලේඛන දේවානම්පියතිස්ස රජු කාලය තුළ බවපැහැදිලියි.

        ඔක්කම් පිටියේ පඤ්ඤාසාරහිමි “සිංහල අක්ෂර රූප විකාශය හා භාරතීය ආභාෂය”නමැත්තේ කෘතිය අධ්‍යයනය තුළින් එය පැහැදිලිය.

         කොත්මලේ අමරවංශ හිමි “ලක්දිව සෙල්ලිපි”ග්‍රන්ථයේ මිහින්තලයේ අංක දෙක දරණ ලිපිය පිච්චන්දිසාව ලිපිය වැනි ඉපැරණි බ්‍රහ්මී අකුරින් කොටා ඇති දෙවන පෑතිස් රජුගේ යයි. කිව හැකි ලෙන් ලිපි දැනට ලැබී ඇති ලිපි අතුරින් ආදීම ලිපියයි ගමනය කළ හැකි බවය.කරුණු බොහොමයක් තිබුණද ඇතැමුන් ලංකාවේ පැරණිම  ශිලාලේඛන දේවානම්පියතිස්ස රජ සමයට අයත් බවට සැක පහළ කරනු ඇත.එසේ නොමැති නම් මැලිකමක් දක්වනු දැකිය හැකිය.ඇතැම් උගතුන් මෙයට තවත් මත කිහිපයක්ම ඉදිරිපත් කිරීමට පෙළඹී ඇත. 

      පැරණිම සිලාලේඛන අයත් වන්නේ දෙවන පෑතිස් රජුගෙන් පසුව බලයට පත් වූ උත්තිය රජුගේ සමයටබව ඇතැමුන් පෙන්වා දේ.ඩබ්ලිව්.ඇස්.කරුණාරත්න සූරයෙන් මෙසේ රචනා කරන ලද “සිංහල සිලාලේඛන” නමැත්තේ කෘතියේ සඳහන් කර ඇත්තේ මෙතෙක් සොයාගෙන ඇති ශිලා ලේඛනවලින් දේවානම්පියතිස්ස රජුගේම යැයි අනුමාන කරන්නට පුළුවන් ලිපි දෙකක් තිබුනද නිසැකවම කිව නොහැකි බවය.මෙහිදී පෙන්වා දෙන්නේ පුරාණ ලිපිය ලෙස ගණන් ගත හැක්කේ ගතහැකි දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වන උත්තිය රජුගේ නම “දෙවනපිය මහරජ ගමිණි උති” යනුවෙන් සඳහන්ව ඇති මිහින්තලේ ඇති ලිපිය බවය.මහාචාර්ය සෙනරත් පරණවිතාන  මහතාද පෙන්වා දෙන්නේ සිංහල අභිලේඛන තුළින් සැකයකින් තොරව හඳුනාගත හැකි ආදිතම රජු වන්නේ  උත්තිය රජු බවය.

       මෙම කරුණු සලකා බැලීමේදී දේවානම්පියතිස්ස රජු හා උත්තිය රජු කාලය තුළින් දෝලනය වන කරුණු රැසක් අනාවරණය වේ.එමෙන්ම මෙම රාජ්‍ය සමයන් දෙක අතර මතවාදීය හමුවක්ද පවතී.ඒ කෙසේ වුවද මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන යත් සමග ශිලා ලේඛනය කරවීමේ ප්‍රභවය ඉස්මතු වූ බවද බෞද්ධාගමික බලපෑමක් මත සිදුවූවක් බවද පිළිගැනීමට සිදුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *