පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මිහින්තලයේදී

ලක්මිණි නදීෂා – කොළඹ 

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පැවසූහ.

2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී අද(21) පැවති සාකච්ඡාවේ දී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් අදහස් පල කළහ..

‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.

ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

පොසොන් උත්සවය පැවැත්වෙන කාල සීමාවේදී අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *