“පුත්තලමෙන්  දිලිත්ගේ පදක්කම ඇතුළු පක්ෂ 14ක්  ප්‍රතික්ෂේප වෙයි

                 පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ

මෙවර පළාත් පලාත් පාලන මැතිවරණය සදහා පුත්තලම දිස්ත්‍රික්කයට තරග වැදිමට නාම යෝජනා භාර දුන් පක්ෂ 14ක් අදාල කොන්දෙසි නිසි ලෙස ඉටු නොකිරිම හේතුවෙන් ප්‍රතික්ෂේප වු බව පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී එච්.එම්.එස්.පි.හේරත් මහතා 20 දින පැවසිය.

දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුත් සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනා පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගර සභාව,හලාවත ප්‍රාදේශීය සභාව,ආරච්චිකට්ටුව,නාත්තන්ඩිය, වෙන්නප්පුව ,ආණමඩුව ප්‍රාදේශීය සභාවන් සදහා භාර දී තිබු නාම යෝජනා නියමිත වේලාවට භාර නොදිම ඇතුළු කරුණ කිපයක් මත ප්‍රතිප්ශේප කිරීමට තේරීම් භාර නිළධාරීයා කටයුතු කර තිබුණි.

ඒ සමගම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව නාම යෝජනා භාර දී තිබු එක්සත් ජාතික සන්ධානය,කල්පිටිය ප්‍රාදේශීය සභාවට  හා පුත්තලම නගර සභාවට නාම යෝජනා භාර දුන් යහපාලනය සදහා ජානතා  ව්‍යාපාරය පක්ෂය,ඒ සමග පුත්තලම නගර සභාවට නාම යෝජනා භාර දුන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂය,ආරච්චිකට්ටුව  ප්‍රාදේශීය සභාවට නාම යෝජනා භාර දුන් එක්සත් ජාතික සන්ධානය,යන පක්ෂ මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරීවරයා පැවසීය..

සර්වජන බලය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක නිතිඥ W.N..අමින් මහතා මෙලෙස සිය අදහස් දැක්වීය.

“අපි එන්න ප්‍රමාදයක් වුනා.එයට හේතු වුනේ මගදි විශාල ජන රැළියක් තිබුනා ඒ ස්ථානයෙන් මට වාහනය ධාවනය කර ගන්න හැකියාවක් තිබුණෙ නැහැ.ඒ නිසා අපිට පළාත් පාලන හයකට තරග වැදිමකට ඉඩ ඇහිරි ගියා.පුත්තලම මහ නගර සභාව ඇතුළු තවත් පළාත් පාලන හතකට අපි තරග කරනවා ඒවා ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න සුදානම් යැයි ඔහු  පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *