දිනේෂ් රූපසිංහ – කොළඹ
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මාර්ග කිහිපයක ධාවනය වන බස් රථ වලින් අය කරන බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බව එම අධිකාරියේ සභාපති නිහාල් ජාසිංහ මහතා පවසයි.
එකී අධිකාරිය යටතේ ක්‍රියාත්මක සහ පාලනයවන මාර්ග කීපයක ධාවන වන මගී බස්රථ වලින් ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් නියමකර තිබූ මුදලට වඩා වැඩි මුදලක් මගීන්ගෙන් අයකරන බවට පසුගිය කාලය තුල ලද පැමිණිලි හේතුවෙන් අධිකාරිය විසින් ඒ පිළිබඳ සොයා බැලීමක් පසුගියදා සිදුකර ඇත.
එහිදී මාර්ග කිහිපයක ධාවනය වන බස්රථවලින් අයකරන බස් ගාස්තු නියම කර ඇති මුදලට වඩා වැඩි බැවින් අදාළ මාර්ගයන් හී ධාවනය වන බස් හිමියන්ටත් මගීන්ටත් අපහසුතාවයන් නොවන අයුරින් බස් හිමියන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට එලඹුනු බව හෙතෙම සභාපතිවරයා පැවසීය.
ඒ අනුව කඩවත – හොරණ රුපියල් 330/= ක් ලෙසද, පානදුර – කඩවත රුපියල් 360/= ක් ලෙසද හා මීගමුව – නාවින්න රුපියල් 450/= ක් ලෙසද බස් ගාස්තු සංශෝධනය කර තිබේ.
මෙම තීරණයට පටහැනි ලෙස කටයුතු කරමින් වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ පිළිබඳව 0112860860 දුරකථන අංකයට හෝ 0702860860 යන වට්සැප් අංකයට දැනුම්දෙන ලෙසද නිහාල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කලේය.